ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

4. චතුක්ක නිපාතය

1. කාලිංග වර්ගය

307. පලාස ජාතකය

“බමුණ සිත් නැත්තාවූ නොඅසන්නාවූ නොදන්නාවූ මේ කෑල ගස අඳුනන්නේයි ඒකාන්තයෙන් පටන් ගන්නාලද වීර්ය ඇත්තේ අප්‍රමාදවූයේ නිදීම විචාරයි. ඊට හේතු කිම?”

“මේ ගස දූර දෙශයෙහි ප්‍රසිද්ධද, මහත්ද වේ. සමවූ භූමි ප්‍රදෙශයෙහි සිටියේය. දෙවියන්ට නිවාස ස්වභාව ඇත්තේය. එසේහෙයින් මේ කෑල ගසද මේ ගසෙහි යම් මහේශාක්‍ය දෙවි කෙනෙක් වෙත්නම්, ඔවුන්ද, වස්තු ප්‍රතිලාභ හේතුවෙන් නමස්කාර කරමි.”

“බමුණ, කෙලෙහි ගුණ දන්නාවූ හේ මම ඒ ගුණය බලන්නෙම් මාගේ ආනුභාවය පරිද්දෙන් තට උපකාර කරන්නෙමි. තාගේ පිසීම් හැමදීම් ආදී කායවාක් කර්මයෝ සත්පුරුෂයන්ගේ ඉදිරියෙහි කෙසේනම් හිස් වූවාහු වෙද්ද?”

“තිඹිරි වෘක්ෂයාගේ එපිට යම් පුලිල රුකෙක්වීද, ඒ පුලිල ගසේ මුල පිරිවරණ ලද පෙර කළ යාග ඇති, (හෙවත්) පෙරකළ යාග වශයෙන් නිපන් ඌගේ අනේක නිදන් සැළිද හිමියෙක් නැත්තාවූ මහත්වූ මේ නිධානය භූමියෙහි සාරා තැන්පත් කරණ ලදී. යව, ඒ නිධානය මතුකොට ගණුවයි” කීයේය.

පලාසජාතකං සත්තමං.