ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

4. චතුක්ක නිපාතය

2. පුචිමන්දවග්ගො

314. ලොහකුම්භී ජාතකය

“නපුරු ජීවිකාවෙන් ජීවත්වීමු. යම්බඳුවූ අපි විද්‍යමාන කල්හී දන් නුදුන්නෙමුද, එහෙයින් සම්පත් ඇති කල්හි තමහට පිහිටක් නොකෙළෙමු.

“සර්වප්‍රකාරයෙන් සැට දහසක් අවුරුදු පිරුණාහ. ලෝකුඹු නරකයෙහි පැසෙන්නාවූ අපට කවර කලෙක්හි කෙළවරෙක් වන්නේද?

“නිදුකාණෙනි, එකල්හි වනාහි මා විසින්ද තා විසින්ද, පව් බොහෝකොට කරණ ලදී. එහෙයින් මේ දුකෙහි කෙළවරෙක් නැත. කවර හෙයකින් කෙළවරෙක් පෙනේද, කෙළවරෙක් නොපැනෙන්නේය.

“ඒ වනාහි මෙයින් චුතව ගොස් මනුෂ්‍ය යෝනියක් ලැබ දානය ලබන්නන්ගේ වචන දන්නෙක්වූයේ ශීලයෙන් යුක්තවූයේ ඒකාන්තයෙන් බොහෝවූ කුශලය කරන්නෙමියි” කීයේය.

ලොහකුම්භිජාතකං චතුත්ථං.