ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

4. චතුක්ක නිපාතය

2. පුචිමන්දවග්ගො

320. “සුච්චජ ජාතකය

“පර්වතය, වචන මාත්‍රයෙන් නොදෙන්නේ ඒකාන්තයෙන් දෙන්නට පුළුවන් දෙය නුදුන්නේය. වචන මාත්‍රයෙන් පර්වතය දෙන්නාවූ ඔහුට කවර හානියෙක්ද, එතෙකුදු වුවත් වචනයෙන් පර්වතය නුදුන්නේය.

“යමක් වනාහි කරන්නේද, එයම කියන්නේය. යමක් නොකරන්නේ නම් එය නොකියන්නේයි කයින් දානාදී ක්‍රියා නොකරන්නාවූ බොරුකියන්නහු පණ්ඩිතයෝ දැනගණිත්.

“රාජ පුත්‍රය, සත්‍යවචනයෙහිද ස්වභාව ධර්මයෙහිද, පිහිටියේ වෙහිය. යම්බඳුවූ තාගේ ව්‍යසනයට පැමිණියාවූ සිත සත්‍යවචනයෙහි ඇලේද, එහෙයින් තට නමස්කාර වේවා.

“යම් ස්ත්‍රියක් තොමෝ දිළිඳුවූ ස්වාමියාට තොමෝත් දිළිඳු භාර්යාවද, ධනවත් ස්වාමියාට තොමෝත් ධනවත් භාර්යාවද, කීර්තිමත්වූ ඕතොමෝ වනාහි මොහුගේ උතුම්වූ භාර්යාවවේ. ඔව්හු හිරණ්‍යාදී සම්පත් ඇත්තහුට ස්ත්‍රීහු වෙත්මැයි.” කීයේය.

සුච්චජජාතකං දසමං.

පුචිමන්දවග්ගො දුතියො.