ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

4. චතුක්ක නිපාතය

5. චුල්ලකුණාල වර්ගය

347. අයකූට ජාතකය

“ඉතා මහත්වූ කුළුගෙඩිය ඔසවාගෙණ ඒ තෝ අහසෙහි සිටිනේය. තෝ මාගේ රක්ෂාව පිණිස දැන් නියුක්ත වූයේ වෙහිද, (නොහොත්) මාගේ වධය පිණිස සිතන්නෙහිද,

“රජ මම මෙහි තොපගේ වධය පිණිස මෙහෙයන ලද්දේ වෙමි. තා දෙවතාවන්ට රජවූ ඉන්ද්‍රතෙමේද රක්ෂා කරයි. එහෙයින් තාගේ මුදුන නොපලමි.

“ඉදින් වනාහි දෙවියන්ට අධිපතිවූ මඝවන්තු නම් ඇති සුජාත නම් අසුර කන්‍යාවට ස්වාමිවූ දිව්‍යරාජතෙම මා රක්ෂා කෙරේනම් සියලු පිශාචයෝ හඬත්වා. රාක්ෂසයින්ට භය නොවෙමි.

“සියලු කුම්භාණ්ඩයෝද පාංශු පිශාචකයෝද කැමති පරිද්දෙන් හඬත්වා. මා සමග යුද්ධයට පාංශු පිශාචකයෝ නොපොහොසත්හ. ඒ වෙහෙස කිරීම මහත්වේයයි” කීයේය.

අයකූටජාතකං සත්තමං.