ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

5. පඤ්චක නිපාතය

1. මණිකුණ්ඩල වර්ගය

359. සුවණ්ණමිග ජාතකය

“භවත් මෘගය, රන්වන් පා ඇත්ත, වීර්ය කරව. භවත් මහා මෘගය, වීර්ය කරව. වරපටින් කළ පුඩුව සිඳව. මම තනිව වනයෙහි නො ඇලෙන්නෙමි.

“වීර්ය කරමි. පුඩුව සිඳින්නට නොහැක්කෙමි. ඉතා වේගයෙන් බිමට ගසමි. මාගේ පාදය හාත්පසින් කැපෙයි.

“වැද්දානෙනි, මස් තබන පිණිස කොළ අතුරව ආයුධය මෑතට ගණුව. පළමුකොට මා මරා ගෙණ මහා මෘගයා පසුව මරව.

“මුවදෙනක මනුෂ්‍ය භාෂාව කියන්නියක් ම විසින් නොඅසන ලදී. දක්නා ලද්දී හෝ නොවෙයි සොඳුර තීද සුවපත්වෙව. තීගේ ස්වාමිවූ මේ මහා මෘගතෙමේද සුවපත් වේවා.

“වැද්දානෙනි, පාශයෙන් මිදුනාවූ මහා මෘගයා දැක අද යම්සේ මම සතුටු වෙම්ද, එපරිද්දෙන් සියලු නෑයන් සමග ඔබද බොහෝ කලක් සතුටු වෙවයි” කීයේය.

සුවණ්ණමිගජාතකං නවමං.