ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

5. පඤ්චක නිපාතය

3. අට්ඨ වර්ගය

375. කපොත ජාතකය

“දැන් වනාහි පරවි තෙමේ නික්ම ගියේය. එහෙයින් සුවපත් වූයේ නිරෝගි වූයේ සතුරු නමැති කටු රහිතවූයේ වෙමි. දැන් මාගේ සිතට සතුටක් කරන්නෙමි. එසේමැයි මේ මාංශයද අවශෙෂ රසයද මට බල කරයි.

“මේඝය, මුත්තනුවන් කොට ඇති සෙරවූ සිඛා ඇති මේ කෙකණි කවරක්ද, කෙකින්න මෑතට නැගී එව, මාගේ යහළුවූ කවුඩා චණ්ඩවේ.

“අරක්කැමි පුත්‍රයා විසින් සිඳිනාලද පියාපත් ඇති පිටි කළලින් මැඬීමෙන් ගැල්වූ මෙබඳු වූ මා දැක තාගේ සිනාසීමෙන් කම් නැත.

“මනාකොට නගන ලද්දේ මනාකොට විලවුන් ගල්වන ලද්දේ වෙහිය. ආහාරපානයෙන් සන්තර්පණය කරණ ලද්දෙහිය. තාගේ ග්‍රීවයෙහි වෛඩූර්යය මාණික්‍යයෙක. එහෙයින් බරණැස් නුවරට ගියේද,

“තාගේ මිත්‍රයෙක් හෝ අමිත්‍රයෙක් හෝ බරණැස් නුවරට නොයේවා. කුමක්හෙයින්දයත්, එහිලා පියාපත් සිඳ දමා බොටුවෙහි කැබිලිත්ත බඳිත්.

“යහළුව, නැවතද මෙබඳු දුකකට පැමිණෙන්නෙහිය තාගේ ස්වභාවය වනාහි එබඳුමය. මිනිසුන් අයත්වූ සම්පත්තීහු පක්ෂියෙකු විසින් සුවසේ අනුභව කළහැකි නොවෙත්යයි” කීයේය.

කපොතජාතකං පඤ්චමං.

අඩ්ඪවග්ගො තතියො.

පඤ්චකනිපාතං නිට්ඨිතං.