ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

1. අවාරිය වර්ගය

380. ආසංක ජාතකය

“චිත්‍රලතා වනයෙහි ආසාවතී නම් වූ ලතාවක් හටගත්තීය. ඒවැලේ අවුරුදු දහසකින් එක් ගෙඩියක් හටගණියි. ඒතාක් දුරවූ ඵල ඇති කල්හී ඒ ලතාවට දේවතාවෝ නැවත නැවත පැමිණෙත්.

“රාජය, නුඹද ප්‍රාර්ථනා කරන්නෙහිමය. ඒ එසේමැයි. ඵලවත්වූ ආසාතොමෝ සැප වන්නීයයි ඒ පක්ෂිතෙම ප්‍රාර්ථනා කරන්නේමය. ඒ පක්ෂිතමෙ ලබමියි පතන්නේමය.

“ඔහුගේ ඒතාක්දුර ගියාවූද ආසාතොමෝ සමෘද්ධවීමය එසේ හෙයින් රාජය, නුඹද ප්‍රාර්ථනාම කරව. කුමක්හෙයින්ද යත්, ඵලවත්වු ප්‍රාර්ථනාතොමෝ සුව ඇත්තීමැයි.

“සුවඳ නැත්තාවූ වර්ණවත්වූ මහරි වෘක්ෂයාගේ මල් මෙන්ම මා වචන මාත්‍රයකින් සතුටු කෙළෙහිය. ක්‍රියාවෙන් සතුටු නොකෙළෙහිය.

“යමෙක් නොදෙන්නේ සම්පත් නොහරින්නේ යාළුවන් කෙරෙහි නිෂ්ඵලවූ මියුරුවූ වචන කියාද, ඔහු සමග මොහුගේ මිත්‍රසන්ථවය නොගැලපේ.

“යමක් වනාහි කරන්නේද, හෙම කියන්නේය. යමක් නොකරන්නේද, එය නොකියන්නේය. ඒ නොකරන්නහු කෙරෙමියි වචනයෙන් කියන්නහු නුවණැත්තෝ දැනගණිත්.

“ඒකාන්තයෙන් මාගේ බලයද, අවිය. මාර්ගොපකරණයද, නැත්තේය. එසේහෙයින් ප්‍රාණයාම මගේ වැළැක්මෙහි සැක කරමි. එබැවින් දැන් හැරයෙමි.

“රාජොත්තමය, මෙහිලා යම්බඳු නමක් ඇද්ද, මෙයම මාගේ නාමය වේ. මහරජ බලාපොරොත්තුවෙව, මම පියා කැඳවමියි” කීයේය.

ආසඞ්කජාතකං පඤ්චමං.