ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

1. අවාරිය වර්ගය

381. මිගාලොප ජාතකය

“මිගාලොපය, යම්බඳුවූ තාගේ එබඳුවූ ගමන මට රුචි නොවීය. පුත්‍රය, අත්‍යන්ත දෙශයට හෙවත් ඉතා උඩටයෙහිය, පුත්‍රය, තට නුසුදුසු භූමිය සේවනය කෙරෙහිය.

“යම් කලෙක්හි තට මුළු පොළොව සිව් රැස් ලියද්දක් මෙන් පෙනීම වන්නේද, පුත්‍රය, එතැන්හි නවතුව, එයින් ඔබ්බට නොයව.

“පියාපත් යානාකොට ඇත්තාවූ අහසින් යන්නාවූ සෙසු පක්ෂීහුද ඇත්තාහ. ඔහුද පවන් වේගයෙන් අදනාලදුව නටහ. පෘථිවිය පර්වතය සමකොට සිතන්නාවූ ඔහු පවා නැසුනාහුය.

“අපරන්න නම් වූ මහළුවූ පියාගේ අනුශාසනය නොකොට තෘෂ්ණා වාතය ඉක්මවා වේරම්බ වාතයන්ගේ වසඟබවට ගියේය.

“ඒ මිගාලෝප නම් පක්ෂියා අවවාදය නොකළ කල්හි ඔහුගේ දරුවෝද, අඹුවෝද, එයින් අන්‍යවූ ඔහු නිසා ජීවත් වන්නෝද යන සියල්ලෝ විනාශයට පැමිණියාහුය.

“මෙපරිද්දෙන් යමෙක් වනාහී මේ ලෝකයෙහි ගුණ නුවණින් වැඩිහිටියන්ගේ වචනය අවබෝධනොකෙරේද, ඔහු ඉක්මුණු අනුශාසනා ඇති, උඩඟුවූ, සීමාව ඉක්මවා හැසුරුණවූ මිගාලෝප නම් ගිජුලිහිණියා මෙන් සියල්ලෝම වැඩිහිටියන්ගේ අනුශාසනය නොකොට විනාශයට පැමිණෙත්.”

මිගාලොපජාතකං ඡට්ඨං.