ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

1. අවාරිය වර්ගය

385. මිග ජාතකය

“බමුණ සාකෙත නම් නුවර අනජ වන නම් උයනට ඉදින් යන්නෙහි නම් තාගේ මව්ද පියාද යන මහලුවූ ඔහු දෙදෙන තා දක්නට කැමැත්තාහයි අපගේ ඖරස පුත්‍ර නන්දිය නම්වූ ඒ පුත්‍රයාට කියවයි” කීහ.

“බමුණ, රජුගේ ගෝචර පිණිස වපුරණ ලද තෘණයෝ මා විසින් අනුභව කරණ ලදහ. පැන් හා බොජුන් අනුභව කරණ ලදී. මේ රජහු සතුවූ පිණ්ඩය නපුරුකොට අනුභව කරන්නට මම උත්සාහ නොකරමි.

“මහ හීයෙන් යුක්තවූ අත් ඇති රජුට මාගේ පාර්ශවය (ඇලය) මම එලවන්නෙමි. (පා සිටින්නෙමි) එකල්හි සුවපත්වූ මරණින් මිදුනාවූ මම මෑණියන් දක්නෙම් නම් යෙහෙකියි” කීය.

“කොසොල් රජහුගේ උයනෙහි විශිෂ්ට රූ ඇති පා සතරක් ඇති නමින් නන්දිය නම්වූ මෘග රාජයෙක් පෙර වූයෙම්ද.

“මුවන්ගේ නිවාසය පිණිස දෙනලද අජත වන නම් උයනෙහි කොසොල් රජතෙම දුන්න දුනුදිය සමග නගාලා ශරය දුනුදියෙහි පිහිටුවා ඒ මා විදින්ට ආයේය.

“හී තල ගත් අත් ඇති ඒ රජුට මාගේ මහා පාර්ශවය මම එල්වීමි. හෙවත් මා මරවයි ඇලය පා සිටියෙමි. එකල්හි සුවපත්වූ මරණින් මිදුනාවූ මම මෑණියන් දක්නට ආයේ වෙමියි” වදාළෝ

නන්දියමිගරාජජාතකං දසමං.

අවාරියවග්ගො පඨමො.