ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

2. ඛරපුත්තවග්ගො

386. ඛරපුත්ත ජාතකය

“එළුවා අඥානයයි නුවණැත්තෝ සැබවක්ම කීලු. බලව, අඥානතෙම රහස්හි කටයුතු කර්මය ප්‍රකාශ ස්ථානයෙහි කරන්නේ එය නුසුදුසුයයි දැන නොගණී”යි කීය.

“යහළු කොටළු පුත්‍රය, නුඹ වනාහි මට වඩා අඥානයෙහිය කුමක් හෙයින්ද යත්? රැහැණින් විය හා සමග ග්‍රීවයෙහි බඳනා ලද වක්වූ තොල් ඇත්තේ මුඛ බන්ධනයෙන් බඳනාලද මුව ඇත්තේ වෙහි, මොහුට වඩා මම අඥානයෙමියි” දැනගණුව.

“යහලුව බැම්මෙන් මුදන ලද්දාවූ යම්බඳුවූ තෝ පැන නොයන්නෙහිද එය තාගේ අන්‍යවූද අඥානකමෙක යහළුව තෝ යම්බඳුවූ සෙනක නම් රජෙකු උසුලාගෙණ යෙහිද හෙතෙමේද ඉතා අඥානයෙකැයි” කීය.

“යහළුව අජ රාජය, යම්හෙයකින් මම අඥානයයි දැනගත්තෙහිද (එසේ වේවා) ඉක්බිති සේනක නම් රජ කවර හේතුවකින් අඥාන වීද මා විසින් විචාරණ ලද්දේ එය මට කියව.

“යමෙක් සියළු ශබ්ද දන්නා මන්ත්‍රය ලැබ භාර්යාවට දෙන්නේද ඒ කාරණයෙන් ඔහුගේ ආත්මය පිරිහෙන්නේය. ඕතොමෝද ඔහුට නොවන්නේය.

“ජනේශ්වරය, තා වැන්නෙක් ආත්මය හැරපියා මෙය මට ප්‍රියයයි ප්‍රියවූවන් ඒකාන්තයෙන් සේවනය කෙරේද, කුමක් හෙයින්ද යත්? ලෝකයෙහි උතුම් සියල්ලට වඩා ආත්මයම ශ්‍රෙෂ්ඨවේ. එසේමැයි, රැස්කරණ ලද වස්තු ඇත්තහු විසින් පසුව ප්‍රිය වස්තූහු ලැබිය හැක්කාහු යයි” කීයේය.

ඛරපුත්තජාතකං පඨමං.