ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

2. ඛරපුත්තවග්ගො

387. සුචි ජාතකය

“රළු නොවූ සිළුටුවූ කරගලෙහි ශුද්ධ කරණ ලද්දාවූ යහපත් මලින් යුක්තවූ සියුම්වූ තියුණුවූ අගද ඇති ඉඳිකටුව මිළදී ගන්ට කවරෙක් කැමැත්තේද,

“යහපත් කොට මදිනා ලද්දාවූද යහපත් මළ ඇත්තා වූද පිළිවෙලින් මනාව මට කරණ ලද්දාවූද ගටනා කල්හි ඝනවූ කිණිහිරි පලාගෙණ ඇතුළට වදනාවූද තදවූ ඉඳිකටුව මිළ දී ගන්ට කවරෙක් කැමැත්තේද,

“දැන් බොහෝ ඉඳිකටුද බිලී කටුද මේ කඹුරු ගමින් බැහැරට යන්නාහ. කඹුරු ගමෙහි ඉඳිකටු විකුණන්ට මේ කවරෙක් කැමති වේද,

“මෙයින් නොයෙක් ආයුධයෝද බැහැරට යෙත්. නානාප්‍රකාරවූ බොහෝවූ කර්මාන්තයෝද වෙත්. මේ කඹුරු ගමෙහි ඉඳිකටු විකුණන්ට මේ කවරෙක් සුදුසුවේද,

“දන්නාවූ පුරුෂයා විසින් ඉඳිකටුව කුඹුරු ගමෙහි විකිණිය යුතුය. කුමක් හෙයින්ද යත්? මනාව කරණලද නොමනාව කරණලද කර්මාන්තය ශිල්පාචාරීහුම දනිත්.

“සොඳුර, තීගේ පියතෙමේ මා විසින් කරණලද මේ ඉඳිකටුව හැඳින්නේවී නම් තී ලවාද මා පවරන්නේය. යම් බඳුවූ අනික් ධනයකුත් ගෙයි ඇද්ද, ඉනිදු පවරන්නේයයි” කීයේය.

සූචිජාතකං දුතියං.