ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

2. ඛරපුත්තවග්ගො

389. සුවණ්ණ කක්කටක ජාතකය

“එම්බා යහලුව, දික්වූ චක්ෂුස් නම්වූ නෙත්‍ර ඇති ඇටම සිවිය කොට ඇති දියෙහි වාසය කරන්නාවූ රෝම නැති නල සංඛ්‍යාත ශෘංගයන් ඇති හෙයින් සිංගී මිග නම්වූ කකුළුවෙකි. ඔහු විසින් මඩනා ලද්දේ බැගෑපත්ව හඬමි. කිම මා හැරයෙහිද,

“යහළුවූ ප්‍රශ්වාස කරන්නාවූ ඒ සර්පතෙම යහළුවූ කපුටුවා රක්නේ මහත්වූ පෙනයෙන් යුක්තව කකුළුවා වෙත පැමිණියේය. කකුළුතෙම ඒ සර්පයාද වම් නලින් අල්වා ගත්තේය.

“කකුළුතෙමේ ආහාර පිණිස කැමතිවූයේ කපුටුවා නොගන්නේය. කෘෂ්ණ සර්පයාද නොගන්නේය. දික්වූ නෙත්‍ර සංඛ්‍යාත ඇස් ඇත්ත, තා විචාරමි. එසේ ඇතිකල්හි කවර හේතුවකින් තා විසින් අපි දෙදෙන ගන්නා ලද්දෝ වෙමුද,

“මේ පුරුෂතෙම මට වැඩ කැමත්තේය. හෙතෙම මා

ගෙණ දියට පමුණුවයි. ඔහු මළ කල්හි මට බොහෝවූ දුක් වන්නේය. මමද මෙතෙමේද යන දෙදෙනම ජීවත් නොවෙමු.

“ඉතා වැඩුනු සිරුරු ඇති මධුරවූද මහත්වූද මොළොක්වූද මස් ඇති මාද දැක සියලුදෙනා හිංසා කරන්නටම කැමැතිවන්නේය. කවුඩෝද මා දැක හිංසා කරන්නාහුම යයි” කීයේය.

“ඉදින් ඔහු හේතුකොටගෙණ අප දෙදෙන ගන්නා ලද්දෙමු නම් පුරුෂතෙමේ නැඟී සිටීවා. විෂය උරා ගණිමි. විෂය මිනිසා දැඩිකොට ගණීද, ඉන් පළමු මාද කවුඩුවාද වහා මුදව.

“පළමුකොට සර්පයා මුදමි. කවුඩුවා නොහරිමි. කුමක් හෙයින්ද යත්, කවුඩුවා වනාහි තව ඇපවන්නේය. යම්සේ සර්පයා හැරියෙම්ද, එපරිද්දෙන් කවුඩුවාද සුවපත්වූ නිරෝගවූ පුරුෂයා දැක මුදා හරින්නෙමියි” කීයේය.

සුවණ්ණකක්කටජාතකං චතුත්ථං.