ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

2. ඛරපුත්තවග්ගො

391. ධජවිහෙඨන ජාතකය

“යහපත්වූ වර්ණ ඇති ඔබ දුර්වර්ණරූප ඇත්තහු ඉදිරිකොට ඇඳිලිබැන්දේ නමස්කාර කෙරෙහිය. මෙතෙම ඔබට උතුම්ද, නොහොත් සමානයෙක්ද, අනිකාගේද, තමාගේද නාමය කියව,

“රාජය, සම්‍යක් ප්‍රතිපන්නවූද, ඍජුව පිළිපන්නා වූද, උතුම්වූ විශුද්ධි දෙවියන්ගේ නාම ගොත්‍ර දෙක උත්පත්ති දෙවතාවෝ නොගණිත්. මම වනාහි තට මාගේ නම කියමි. තව්තිසා වැසි දෙවියන්ට අධිපතිවූ මම ශක්‍රනම් වෙමි.

“දෙව රාජය මේ කාරණය ඔබ විචාරමි. මරණයෙන් යුක්තවූ භික්ෂුවක්හු දැක අභිමුඛකොට බදැඳිලිවූයේ යමෙක් නමස්කාර කෙරේද, හෙතෙම මෙයින් චුතවූයේ කිනම් සුවයක් ලබන්නේද,

“යමෙක් චරණයෙන් යුක්තවූ භික්ෂුවක්හුදැයි අභිමුඛ කොට බදැඳිළිව නමස්කාර කෙරේද? හෙතෙම මේ ආත්මයෙහිම ප්‍රශංසාව ලබයි. ශරීර භෙදයෙන් මතු ස්වර්ගයටද පැමිණෙයි.

“අද දෙවතාවන්ට ස්වාමිවූ ශක්‍රයා යම් හෙයකින් දුටුවෙමුද, එහෙයින් මට ලක්ෂමී තොමෝ පහළ විය ශක්‍රය, භික්ෂුවද ඔබද දැක බොහෝවූ පුණ්‍යයන් කරන්නෙමි.

“බහුශ්‍රැතවූ බොහෝ කරුණු සිතන්නාවූ ප්‍රඥා සහිතවූ යම් කෙනෙක් ඇද්ද, ඔව්හු ඒකාන්තයෙන් සේවනය කටයුත්තාහ. රාජය, මේ භික්ෂුහූද මාද දැක බොහෝවූ පින් කරව.

“දෙවරාජය, ඔබගේ සුභාෂිතයන් අසා ක්‍රොධ නැත්තේ නිරන්තරයෙන් ප්‍රසන්නවූ සිත් ඇත්තේ සියලු ආගන්තුගයන්ගේ ඉල්ලීමට සුදුසු නුවූයෙම් මාන්නය නසා අභිවාදනය කරන්නෙමියි” කීයේය.

විජ්ජාධර ජාතකං ඡට්ඨං.