ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

2. ඛරපුත්තවග්ගො

393. විඝාසාද ජාතකය

“යම් ජන කෙනෙක් කා ඉතිරි දෙය කන්නාහුද ඔහුද ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙත්. මේ ආත්මයෙහිම පැසසිය යුත්තෝ වෙති. පරලෙව්හිදී සුගතියම වන්නේයි.

“ප්‍රාඥයෙනි, කියන්නාවූ ගිරවාගේ වචනය නො අසව්. සහෝදරයෙනි, මේ වචනය අසව මෙතෙම අපටම ප්‍රශංසා කරයි.

“කුණප අනුභව කරන්නෝ මාගේ වචනය අසව්. මම තොපට ප්‍රශංසා නොකරමි. තෙපි ඉඳුල් කන්නාහු වෙති. තෙපි භුක්තාවශෙෂය කන්නාහු නම් නොවෙත්.

“මෙද්ධ්‍යාරණ්‍යයෙහි කුඩිම්බි ඇත්තාවූ පැවිදිවූ අපට සප්ත වර්ෂ කෙනෙක් ඉක්මුනාහ. කා ඉතිරි දෙයින්ම යැපෙන්නාවූ අපි ඉදින් පින්වතාට ගැරහිය යුත්තෝ වෙමු නම් භවත් හට පැසසිය යුත්තෝ කවරහුද,

“තෙපි හැම දෙනම සිංහයන්ගේද ව්‍යාඝ්‍රයන්ගේද වල් මෘගයන්ගේද ඉතිරිවූ යම් භෝජනයක් ඇද්ද, ඒ ඉඳුලෙන්ම යැපෙන්නාහු විඝාසාදීම්හයි හඟින්නහුය.

“යම් කෙනෙක් බ්‍රාහ්මණයෙකුටද ශ්‍රමණයෙකුටද අන්‍යවූ ගුණ කියා ඉල්වන්නෙකුටද ආහාරාදිය දී එයින් ඉතිරිවූවක් අනුභව කෙරෙද්ද, එසේවූ ජනයෝ විඝාසාදීහු නම් වෙතියි” කීයේය.

විඝාසාදජාතකං අට්ඨමං.