ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

6. ඡක්ක නිපාතය

2. ඛරපුත්තවග්ගො

394. වට්ටක ජාතකය

“කව්ඩු මයිලනුවෙනි, ප්‍රණීතවූ බත අනුභව කෙරෙහි ගිතෙල්ද තලතෙල්ද, අනුභව කෙරෙහි එසේ කල්හි කවර නම් කාරණයකින් නුඹ කෘශවෙහිද?

“සතුරන් මැද වසන්නාවූ ඔවුන් අතුරෙහි ආහාරය සොයන්නාවූ නිරන්තරයෙන් කලකිරුණු සිත් ඇති කවුඩුවාගේ දැඩි බවෙක් හෙවත් පුෂ්ටියෙක් කොයින්ද?

“වක්වූ ග්‍රීවා ඇති කවුඩුවෝ නිරතුරුම භයින් වෙව්ලන්නාහ. පාප කර්මයෙන් ලබන ලද ආහාරය නො පිනවයි. වටුව, ඒකාරණයෙන් මම කෙට්ටුවෙමි.

“වටුව, රළුවූ මඳ ඕජා ඇති තෘණ බීජයන් අනුභව කෙරෙහිය. එතකුදුවුවත් තෝ කවර කාරණයකින් සම්පූර්ණවූ මස් ලේ ඇත්තෙහිද?

“කව්ඩුව, ආහාරයෙහි මඳ ආශාවෙන්ද මද සිතිවිලි ඇතිහෙයින්ද, දුර නොවූ ගමන් යාමෙන්ද ලද ලද දෙයින් යැපෙන්නේ වෙමි. ඒ කාරණයෙන් මම තරවීමි.

“මද ආශා ඇත්තාවූ ස්වල්ප සිතිවිලි ඇති සැපයෙන් යුක්තවූ මනාකොට ගන්නාලද ආහාර ප්‍රමාණ ඇති පුද්ගලයාට දිවි පැවැත්ම සැපසේ නිපදවිය හැක්කේයයි” කීයේය.

වට්ටකජාතකං නවමං.