ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

7. සප්තක නිපාතය

1. කුක්කුට වර්ගය

396. කුක්කුට ජාතකය

මුදුන උසින් එක්රියන් හමාරක එය අට වියතක් වටයවේ. හරය ඇති ගෙඩි නැති ඇට්ටේරිය වලින් කරණ ලද්දාවූ යම් මුදුනක් වේද, ඕතොමෝ කොහි පිහිටියා මත්තෙන් නොයේද,

“ඍජුනොවූ හරමවූ තිසක් පමණවූ යම් ඒ පරාල වලින් වට කරන ලදුව සම බැවින් සිටියාහුද ඔහුතුමූ බලයෙන් පෙළෙන ලද්දාහු මනාකොට එකට බැඳී සමව සිටියාහු උඩින් නොවැටෙති.

“මෙසේ නුවණැති රජ තෙමේ දැඩි මිත්‍රවූ නොබිඳෙන ස්වභාව ඇති පිරිසිදු පැවතුම් ඇති මන්ත්‍රීන් හා මනාකොට සම්බන්ධවූයේ පරාල බර උසුලන්නාවූ පියසි මණ්ඩලය මෙන් ශ්‍රීයෙන් නොපිරිහෙයි.

“යම්සේ ආයුධ ඇත්තේ තදවූ ලෙල්ල ඇති ජම්බල ගෙඩියේ පිට ලෙල්ල තුනීකොටද නොසහින්නේ තිත්ත රස ඇත්තක් කෙරේද, පිට ලෙල්ල සැසහරින්නේ මධුර කෙරේද, මහ රජාණෙනි, තුනීවූ ලෙල්ල උදුරන්නේ අමිහිරි කරන්නේද,

“මෙසේ නුවණ ඇති රජතෙමේ නොසැහැසිව ගම් නියම්ගම්හි රජුන් පිළිබඳ ධනයන් හෙවත් අයබදු රැස්කරන්නේ දහම් අනුව පැවැත්මෙහි පිළිපදිමින් අනුන් නොපෙළෙන්නේ හෙතෙමේ දියුණුව කරන්නේයි.

“යම්සේ සුදුවූ මුල් ඇති පවිත්‍ර වූ ජලයෙහි හටගත්තා වූ පොකුණුවල හටගත් අම්බුජ නම්වූ හිරු රැසින් පිපියාවූ පියුම මඩ නොතැවරේද, ජලය හෝ නොතැවරේද,

“මෙසේම විනිශ්චය ව්‍යවහාරයෙහි පිරිසිදුවූ සාහසික ක්‍රියා නොකරන්නාවූ පිරිසිදුවූ කර්මාන්ත ඇති පහවූ පාපකර්ම ඇති, රජහු සතුන් මැරීම් ආදී කර්ම ක්ලේශතෙමේ නොකරයි කවර හෙයින්දයත්, පොකුණුවල හටගත්තාවූ පියුම යම්සේද, එසේම එබඳුවූ රජතෙමේ ‘නොඇලුණේ’ නම් වේ.”

කුක්කුජාතකං පඨමං.