ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

7. සප්තක නිපාතය

1. කුක්කුට වර්ගය

398. සුතනු ජාතකය

“මේ නුග ගසෙහි වාසය කරන මඛාදේව නම් දෙවතාවෙනි, රජතෙම ඔබට පවිත්‍රවූ මසින් යුක්තවූ බත එවීය. මෑතට එව හුන් තැනින් නික්ම මා ගෙනා ඒ බත අනුභව කරව.

“මානවකය, මාංශ සූප ඇති ආහාරය හැරගෙණ ඔබින් මෙහි එව, මානවකය, තෝද තා ගෙණා බතද, යන දෙකම මට ගොදුරුවන්නහුය.

“යක්ෂය, මරණයෙහි භය සංඥා ඇත්තාවූ ජනයෝ තට බත නොගෙනෙන්නාහුය. එහෙයින් තෝ ස්වල්පයකින් මහත්වූ අර්ථයක් හැර දමන්නෙහිය.

“යක්ෂය, රශයෙන් යුක්තවූ පිරිසිදුවූ, ප්‍රණීතවූ තට නිත්‍ය ආහාරය ලැබෙන්නාවූ ආගමනය ඇත්තේය. මා කෑ කල්හි ආහාරය ගෙනෙන්නාවූ මිනිසෙක් මෙහි ඉතා දුර්ලභ වන්නේය.

“සුතනු නම් මානවකය, යම්සේ කීයෙහිද, ඒ මේ වචනය මට වැඩ පිණිස වේ. නුඹ මා විසින් අනුදන්නා ලද්දෙහි මට සුවසේ දකුව,

“මානවකය, තාගේ කඩුවද, කුඩයද, රන්තලියද හැරගෙනම යව. තාගේ මව සුවසේ තා දකීවා. තෝද මව දකුව.

“යක්ෂය, මා විසින් ධනයද ලබනලදී. රජුගේ වචනයද කරණලදී. එපරිද්දෙන් සියලු නෑයන් හා සමග එබද සුවපත්වේවායි කීයේය.”

සුතනුජාතකං තතියං.