ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

7. සප්තක නිපාතය

1. කුක්කුට වර්ගය

400. දබ්භපුප්ඵ ජාතකය

“ඉවුර අද්දර හැසිරෙන යහළුව, තට යහපතක් වේවා මා කරා දිව එව, මා විසින් මහත්වූ මත්ස්‍යයෙක් අල්ලා ගන්නාලදී. ඒ මත්ස්‍යයා වේගයෙන් මා දියට ඇදගණියි.

“ගැඹුරේ හැසිරෙන්න, තට යහපතක් වේවා. ශක්තියෙන් දැඩි කොට අල්ලා ගණුව මම තා ගුරුළා සර්පයෙකු මෙන් දියෙන් ගොඩට ගන්නෙමි.

“කුසතණ මල් (හා සමාන හෙයින් එ) නම්වූ ශෘගාලය මාගේ වචනය අසව, අපගේ විවාදයෙක් උපන්නේ වෙයි. යහළුව, කලහය සංසිඳුව, අපගේ විවාදය සංසිඳුව.

“පෙර මම ධර්මයෙහි පිහිටියෙම්වීමි මා විසින් බොහෝ වූ අර්ථ නිශ්චය කරණලදී. යහළුව, තොප දෙදෙනාගේ කලහය සංසිඳුවම්. තොපගේ විවාදය සංසිඳේවා.

“ඉව්රෙහි ඇවිදින තැනැත්ත, තෝ නඟුට ගණුව, ගැඹුරු දියෙහි හැසිරෙන්නහුට හිස වෙයි. අනතුරු මේ මැද කොටස ධර්මිෂ්ටවූ හෙවත් විනිශ්චය ස්වාමිවූ මට වන්නේයි.

“ඉදින් විවාද නොකෙළෙම් නම් අපට කීප දවසකට කෑයුත්තක් වන්නේය. හිස නැති නඟුට නැති රෝහිත මත්ස්‍යයා හිවල් තෙමේ ගෙණයයි.

“යම්සේ ක්ෂත්‍රියවූ රජෙක් රාජ්‍යයක් ලැබ සතුටු වන්නේද, එපරිද්දෙන් මම අද පිරුණාවූ මුහුණු ඇති ස්වාමියා දැක සතුටුවෙමි.

“ගොඩවූයේම දියෙහි මත්ස්‍යයා කෙසේ නම් අල්ලා ගත්තෙහිද, යහළුව, මා විසින් විචාරණලද නුඹ එය කියව, තා විසින් කෙසේ බලනලදදැයි (අඹු විචාළා)

“මායාවී තැනැත්තිය, විවාදය හේතුකොට ගෙණ කාශවූවාහු වෙත්. විවාදය හේතුකොට ගෙණ ධන විනාශ වූවාහුවෙත්. එසේමැයි මස්කාවෝ විවාදය කරණ කොටගෙණ පිරිහුණාහ. රෝහිත මත්ස්‍යයා අනුභව කරව.

“එපරිද්දෙන්ම හෙවත් යම්සේ මස්කාවෝ දෙදෙන විවාදකොට ලද රේමසු කෙරෙන් පිරිහුනාහුද, එපරිද්දෙන්ම මිනිසුන් අතුරෙහි කලහය යම් තැනක උපදීද, ධර්මස්ථවූ හෙවත් විනිශ්චය ස්වාමීහු සමීපයට පැමිණෙති. හෙතෙම වනාහි ඔවුන්ගේ විවාද සංසිඳුවන්නේයයි එහිලා ධනයෝද පිරිහෙත්, රජහුගේ කොටුගුලම වැඬේයයි” කීයේය.

දබ්භපුප්ඵජාතකං පඤ්චමං.