ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

7. සප්තක නිපාතය

2. ගන්ධාර වර්ගය

407. මහා කපි ජාතකය

“මහා කපිය, යමෙක් තමා හෙයක් කොට සුවසේ වානර සේනාව එතෙර කෙළේද? තෝ ඒ වානරයන්ට කවරෙකු වෙහිද තට ඔව්හු කවරහු වෙද්ද?

“අරින්දම නම්වූ නරේන්‍ද්‍රය ඒ අසූදහසක් පමණ වානරයන්ට මම ප්‍රධානව සිටි රජවෙමි. ඔබගෙන් බියපත්වූ ශොකයෙන් මඩනාලද ඔවුන්ගේ සමූහයා පරිහරණය කරන්නෙමු.

“ඒ මම පැන තමා දුනු සියයක් හැර මේ වෘක්ෂයෙන් පැනගිය තැනින් ඈතදී අපර පාදයන්හි හෙවත් මාගේ ඉඟෙහි වැල්බාණක් දැඩිකොට බඳනා ලදී.”

“වාතයෙන් සිඳිනලද මල්කඩක් මෙන් මා හරණ ලද්දෙම් වෘක්ෂයට පැමිණියෙමි. එසේ පැන්නාවූද ඒ මට ගසට ලංවන්ට නොහැකිවන්නේ එහි අත්තක් අත්වලින් අල්ලාගතිමි.

“අතින් ගන්නාලද ශාඛාවෙන්ද, ඉඟබඳනාලද ලතායෙන් විශෙෂයෙන් ආයතවූ හෙවත් ඇද සදනලද වීණා තතක් මෙන් ඒ මා පාවලින් නිතර ඇක්මෙන්නාවූ වානරයෝ සුවසේ ගියාහ.

“ඒ මා වැලින් බැඳුනේ නොතවන්නේය. මාගේ හිංසාවද නොතවන්නේය. කුමක් හෙයින්දයත්? යම් කෙනෙකුන්ට මම රාජ්‍ය කෙළෙම්ද? ඔවුන්ට මා විසින් සුව එළවන ලදී. එහෙයිනි.

“රාජය. ඔබට වැඩ දක්වන්නාවූ මේ උපමා තොමෝ කරණ ලදී. ප්‍රඥා සම්පන්නවූ ක්ෂත්‍රිය නම්වූ රජහු විසින් සියලු රාජ්‍යයටද යොග්ග නම්වූ අශ්වාදීන්ටද බල සේනාවටද නියම්ගම් වැස්සන්ටද යන සියල්ලවුන්ට සුවය සෙවිය යුතුයි.”

මහාකපිජාතකං දුතියං.