ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

7. සප්තක නිපාතය

2. ගන්ධාර වර්ගය

410. සෝමදත්ත ජාතකය

“යමෙක් පෙර වනාහි දුරවූ මා පෙර මගට යේද, මහත් ශරීර ඇති දිගින් යුක්තවූ සෝමදත්තතෙම නොදක්නා ලැබේ. කොයි ගියේදෝ

“සිඳිනාලද මාළුවා වැලක් මෙන් ඒ සෝමදත්ත තෙම මලේ සයනය කෙරෙයි. මේ හෙතෙමේ මැයි. භූමියෙහි වැටුණේ සයනය කෙරෙයි. හස්තිතෙම ඒකාන්තයෙන් මළේය.

“පරලොව ගියහු අනුව ශොක කෙරෙයි යන යමක් ඇද්ද, එය අනගාර්ය භාවයෙන් යුක්තවූ කාමයන්ගෙන් වෙන්වූ සිත් ඇති ශ්‍රමණයෙකුට සුදුසු නොවෙයි.

“ශක්‍රය, ඒකාන්තයෙන් එක්ව වාසය කිරීමෙන් මනුෂ්‍යයෙකුටද මෘගයෙකුටද, හෘදයෙහි ප්‍රෙමය හටගණියි. ඔහුට ශොක නොකරන්නට නොපිළිවනි.

“යම් කෙනෙක් ඒ මළහුට හඬත්ද, මම මැරෙන්නෙමියි හඬත්ද, වැලපෙත්ද එය හිස්යයි සත්පුරුෂයෝ කීහ. එසේහෙයින් නොහඬව, නොවැලපෙව,

“බමුණ, ඒකාන්තයෙන් හැඬීමෙන් මළාවූ පරලොව ගිය තැනැත්තා නැගී සිටින්නේ නම් ඔවුනොවුන්ගේ මළ නෑයන්ට සියල්ලෝ එකතුව හඬමු.

“ගිතෙල් ඉසින ලද්දාවූ ඇවිල ගන්නා ලද්දාවූම ගින්නක් වන්වූ මා ජලයෙන් තෙමන්නක්හු මෙන් සියලු පීඩාව නිවූයෙහිය.

“මාගේ හෘදය ඇසුරු කළාවූ යම් ශොක හුලයක් වීද, යමෙක් ශොකයෙන් පෙළුනාවූ මාගේ පුත්‍ර ශොකය දුරු කෙළේද, හෙතෙම මාගේ ශොක නමැති හුල උදුරා දැමීය.

“දුරුවූ ශොක ඇති නොකැළඹුන සිත් ඇති ඒ මම උදුරා දමනලද ශොක හුල් ඇත්තේ වෙමි. එහෙයින් ශක්‍රය, ඔබගේ කීම අසා ශොක නොකරමි. නොහඬමි.”

සොමදත්තජාතකං පඤ්චමං.