ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

7. සප්තක නිපාතය

2. ගන්ධාර වර්ගය

411. සුසීම ජාතකය

“හිසෙහි සුදුසු ප්‍රදෙශයෙහි හටගත්තාවූ කෙශයෝ පෙර කාලවර්ණ වූහ. සුසීමය, අද සුදුවූ ඔවුන් දැක දස කුශල ධර්මයෙහි හැසිරෙව, මෛථුනයෙන් වෙන්වීම නම්වූ බ්‍රහ්මචර්යාවට සුදුසු කාලය වේ.

“දේවයෙනි, මාගේ හිස පැසුනේය. තොපගේ හිස නොවෙයි ඒ මාගේම හිසය. මාගේ හිස වේ. යහපතක් කරන්නෙමි බොරු කීවෙමි. රාජ ශ්‍රෙෂ්ඨය, එක අපරාධය ක්ෂමා කළ මැනව.

“රාජය, නුඹ තරුණයෙහි දැකුම් කළුවෙහිය. කිළිලයක් මෙන් පළමු වයසින් නැඟී සිටියේවෙහි. එහෙයින් රාජ්‍යයද කරව, මාද බලව, ජනෙන්ද්‍රය කාලික සැපය අනුව ධාවනය නොකරව,

“සිළිටුවූ ස්පර්ශ ඇති මනාවූ ශරීර ඇති යහපත් මධ්‍ය ප්‍රදෙශ ඇති කුමාරිකාව මම දකිමි. කළුවැල් පැලෑටියක් මෙන් ලෙළදෙන්නාවූ ඕතොමෝ ක්ලෙශ වසඟයෙන් පොළඹවන්නියක් මෙන් පුරුෂයන් සමීපයෙහි යෙයි.

“උත්පත්තියෙහි පටන් අසූ හැවිරිදිවූ හෝ අනූ හැවිරිදිවූ හෝ දණ්ඩක් ගෙණ වෙව්ලන්නාවූ පරාළයක් මෙන් තුන් තැනකින් බිඳුනාවූ ඇවිදිනාවූ ඒ ස්ත්‍රිය මා පසුකලෙක දකිමි.

“ඒ මම එයම නැවත නැවත සිතන්නේ යහන් මැද හුදකළාව සයනය කරමි. මමද මෙසේයයි බලන්නේ ගෘහයෙහි නොඇලෙන්නෙම් බ්‍රහ්මචර්යාවට සුදුසු කාලයයි.

“ගිහිගෙයි වසන්නහුගේ යම් පස්කම්හි ඇල්මක් ඇද්ද, මෝතොමෝ එළෙන්නාවූ රැහැණක් වැන්නීය. මෙයද සිඳ බලාපොරොත්තුවක් නැත්තාවූ ප්‍රාඥයෝ කාම සැපය හැර තපසට යෙත්.”

සුසීමජාතකං ඡට්ඨං.