ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

8. අට්ඨක නිපාතය

418. අට්ඨසද්ද ජාතකය

“කොක් රජුට නිවෙස්වූ මාගේ පියා සතු ගෙයවූ මේ මඟුල් පොකුණ පෙර දියසොරොව්වෙන් දිය පිවිසි කල්හි බොහෝ මසුන් ඇත්තේයයිද බොහෝ දිය ඇත්තේයයිද කියත්. ඒ අපි අද මැඩියෙකු පමණින් යැපෙමු. එසේ වුවත් වාසස්ථානය නොහරිමු.

“නොහික්මුනාවූ බන්ධුර නම් ඇත් ගොව්වාගේ දෙවෙනි ඇස කවරෙක් බිඳීද, කවරෙක්තෙමේ මාගේ පුතුන්ද කූඩුවද මාද සුවපත් කරන්නේද,

“යම්තාක් ඒ ඵලය පිළිබඳ ගමනවීද සියලු ඵලය කන ලද්දීය. මහරජ, ක්ෂයවූ කෑයුතු ඵලය ඇති ගුල්ලා හරෙහි නොඇලේ.

“ඒ මම මෙයින් ගොස් රජ නිවෙසින් මිදුනී රුක් අතු නිවෙස් කොට ඇත්තී තමා කවර දවසක සතුටු කරවන්නෙම්දෝහෝ

“ඒ මම මෙයින් ගොස් රජහුගේ නිවෙසින් මිදුනේ මෘග සමූහයාගේ ඉදිරියෙන් ගමන් කරන්නේ උතුම් දිය හෙවත් නොඉඳුල් පැන් කවර දවසක පානය කරන්නෙම් දෝ හෝ

“පිටත්හි රටවැසි භරත නම් වැදිතෙම පස්කම් සැපයෙන් සම්පූර්ණවූ රාගයෙන් රත්වූ කාමයන්හි මූර්ඡාවූ ඒ මා මෙහි ගෙණායේය. තට යහපතක් වේවා.

“බලවත් අන්ධකාරයෙහි උස්වූ පර්වතය මතුයෙහි ඒ මාගේ බිරිඳවූ කිඳුරී තොමෝ ගලෙහි පය නොපැකිලේවායි සිළුටුවූ මෘදු වචනයෙන් මට කීවාය.

“ජාතීන්ගේ ක්ෂය කිරීමයයි කියන ලද නිවන්දුටු මම නිසැකව මව් කුස හිඳීමට නැවත නොපැමිණෙන්නෙමි. මෝතොමෝ වනාහි මාගේ කෙළවරවූ කුස පිළිසිඳීම වේ. මාගේ නැවත ඉපදීම ඇති සසර ගෙවුණේය.”

අට්ඨසද්දජාතකං දුතියං.