ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

8. අට්ඨක නිපාතය

419. සුළසා ජාතකය

“පින්වත, මේ ගෙල පළඳනා ආභරණයද, බොහෝවූ මුතුද වෛදූර්ය මාණික්‍යද යන සියල්ල හැර ගණුව, මාද දාසියකැයි මහජනයාට අස්වව.

“සොඳුර, මේ පළඳනා මුදා තබව, බොහෝ කොට නොවැළපෙව, තී නොමරා ගෙණෙන ලද ධනය මම නොදනිමි. නොගනිමියි සේයි.

“යම් කලක පටන් තමා සිහි කෙරෙම්ද, යම් කලක පටන් දැනුම් ඇති බවට පැමිණියේ වෙම්ද, මම තට වඩා ඉතා ප්‍රියවූ අනිකෙකු නොම දනිමි.

“එව, ඔබ වැළඳගන්නෙමි. ඔබ ප්‍රදක්ෂිණාද කරන්නෙමි. දැන් නැවත මාගේද ඔබගේද එක්වීමෙක් නොම ඇත්තේය.

“සියලු තන්හි පුරුෂ තෙම පණ්ඩිත නොමවේ. පණ්ඩිතවූ ස්ත්‍රිද ඒ ඒ තන්හි විචක්ෂණා වන්නීවේ.

“සියලු තන්හි පුරුෂතෙමේ පණ්ඩිත නොමවේ. වහා කරුණු සිතන්නීවූ ස්ත්‍රී තොමෝද පණ්ඩිතවේ.

“ඒකාන්තයෙන් යුහුවද ශීඝ්‍රවද සමීපයෙහි සිටම ඔහු මරණ උපාය සිතී සම්පූර්ණවූ දුන්නෙන් මුවෙකු මෙන් සුලසා තොමෝ සත්තුක නම් සොරහු මැරීය.

“මේ ලෝකයෙහි යමෙක් තෙමේ පැමිණි කාරණය වහා දැන නොගනීද, මද නුවණැති හෙතෙමේ පර්වත ප්‍රපාතයෙහි සොරාමෙන් නැසේ.

“මේ ලෝකයෙහි යමෙක්තෙමේ තමන් වෙත පැමිණි කාරණය වහාම දැනගණීද, හෙතෙමේ සුලසා තොමෝ සත්තුක නම් සොරාගෙන් මිදුනාක් මෙන් සතුරු උපද්‍රවයෙන් මිදේයයි” කීයේය.

සුලසාජාතකං තතියං.