ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

8. අට්ඨක නිපාතය

421. ගංගාමාල ජාතකය

“මහී නම්වූ පෘථිවිතොමෝ ගිනි අඟුරු මෙන් උෂ්ණවූවා. උණු අළුබඳු උණුවැලි එක්වූවා එතකුදුවුවත් අයොග වෘත්තයන්ට නගා ගී ගායනා කරන්නෙහි අව්ව තා නොතවයිද,

“උඩ සූර්යතෙමේ තවයි. යට වැල්ල තවයි. එසේ ඇතිකල්හි අයොග වෘත්තයන් ගායනය කෙරෙතියි අව්ව තා නොතවාද,

“අව්ව මා නොතවයි. වස්තුකාම ක්ලේශකාමයෝ මා තවයි. මහරජ, මට නොයෙක් කටයුතු ඇත්තාහ. ඔහු මා තවත් අව්ව නොතවයි.

“කාමය, තාගේ මුල මම දුටුවෙමි. කාමය, කාම විතර්කය හේතුකොටගෙණ තෝ උපදින්නෙහිය. එහෙයින් තා කල්පනා නොකරන්නෙමි. මෙසේ ඇතිකල්හි කාමය, තෝ ඇතිනොවන්නෙහිය.

“ස්වල්පවූද වස්තුකාම ක්ලේශකාමයෝ සුදුසු නොවෙත්. බොහෝවූද වස්තුකාම ක්ලේශකාමයන් හේතු කොට පෘථග්ජනයා තෘප්තියට නො පැමිණෙයි. අඥාන ව්‍යවහාර ඇති කාමයෝ ඛෙදයහ. විදසුන් වැඩීමෙන් මනාව දකින කුලපුත්‍රතෙම කාමයන් දුරුකරන්නේය.

“උදය නම්වූ මම මහත් බවට ගියාවූ සම්පතට පැමිණියෙම්ද, මෙය මාගේ ස්වල්පවූ කර්මයාගේ විපාකයවෙයි. යමෙක් තෙමේ කාමාශාව හැරදමා පැවිදිවීද, මාගේ යහළුවූ මානවකයාට එය යහපත් ලාභයෙක් විය.

“යම් කෙනෙක් තපස කරණකොටගෙණ අකුශල කර්මය යම්සේ දුරුකෙරෙද්ද, එසේ තපසින් කපු කුඹල් බැව් දුරුකෙරෙද්ද, ගංග මාලය, තපොගුණයෙන් මැඩ බ්‍රහ්මදත්ත යයි අද නමින් කථාකෙළෙහිද,

“අධිවාසන ක්ෂාන්තියගේ හා සුරතභාවයාගේ යම් විපාකයක්වේද, සාන්දෘෂ්ටික විපාකයම බලව්. යමෙක් තෙමේ සියලු දෙනා විසින් වඳිනලද්දේ වීද, ඔහු රජුන් සහිතව ඇමතියන් සහිතව වඳිමු.

“අගාරික මුනි ආදී මුනිවරුන් අතුරෙහි මෞන පථයන්හි (කථා නොකිරීමෙහි) හික්මෙන්නාවූ ගංගමාල නම්වූ පසේබුදුන්ට කිසිවක් නොකියව්. යමක් තරණය කොට පහවූ ශෝක ඇත්තාහු හැසිරෙද්ද, ඒ සංසාර සාගරය මෙතෙම වනාහි එතෙර කෙළේය.”

ගඞ්ගමාලජාතකං පඤ්චමං.