ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

8. අට්ඨක නිපාතය

422. චෙතිය ජාතකය

“ඒකාන්තයෙන් සත්‍ය ධර්මය තෙම මුසවා කීමෙන් නසනලද්දේ, වැඩිමහල්ලන් පිදීමේ ධර්මය තෙමේම නැසේ. ධර්මය නොනසනලද්දේ කිසිවක් නොනැසේ. එහෙයින් සත්‍ය ධර්මය නොනසන්නේය. නුඹවහන්සේ ධර්මය නසන ලද්දේ නො නැසෙව.

“විචාරණලද යමෙක්තෙම දන්නේ ප්‍රශ්නය අන් පරිද්දකින් ප්‍රකාශ කරන්නේද, එසේ බොරු කියන්නහුගේ දෙවියෝ පහවයෙත්. මුඛයද දුගඳහමයි. අහස තමා සිටි තැනින්ද ගිළිහේ.

“චේතිය නම් රජ ඉදින් වනාහි සැබව කීයෙහි නම් පෙරමෙන් වෙහිය. ඉදින් බොරුව කීයෙහි නම් මහරජ භූමියෙහි සිටිනු මැනව.

“යම් රජෙක්තෙම ප්‍රශ්නය අසනලද්දේ දන්නේ එය අන් පරිද්දෙකින් ප්‍රකාශ කරන්නේද, ඔහුගේ රාජ්‍යයට නොකල්හි වසියි. ඔහුගේ රාජ්‍යයට සුදුසු කල්හි නොවසියි.

“චේතිය නම් රජුනි, ඉදින් වනාහි ඇත්ත කීයෙහි නම් මහරජ, බිම සිටිනු මැනව.

“මහරජ, අසනලද යමෙක් තෙම දනිමින් ඒ ප්‍රශ්නය අන්පරිද්දෙකින් විසඳන්නේද, සර්පයාගේ මෙන් ඔහුගේ දිව විප්‍රකාරවේ.

“එම්බා චේතිය නම්වූ මහරජ, ඉදින් වනාහි සත්‍ය වචනය කීයෙහි නම් පෙර මෙන් වෙහි. ඉදින් බොරු කීයෙහි නම් මහරජ, බිමට බැස සිටිනු මැනව.

“එම්බා මහරජ අසනලද යමෙක් තෙම දන්නේ ඒ ප්‍රශ්නය අන්පරිද්දෙකින් විසඳන්නේද, මත්ස්‍යයාගේ මෙන් ඔහුගේ දිව ඇති නොවේ.

“චේතිය නම්වූ මහරජ ඉදින් වනාහි සත්‍යය කීයෙහි නම් පෙර මෙන් වෙති. ඉදින් බොරු කීයෙහි නම් මහරජ, බිමට බසිනු මැනව.

“විචාරණ ලද යමෙක්තෙම දනිමින් ඒ ප්‍රශ්නය අන්පරිද්දකින් ප්‍රකාශකරන්නේනම් ඔහුගේ කුලයෙහි ස්ත්‍රීහු උපදිත්. පුරුෂයෝ නූපදිත්.

“චෙතිය නම්වූ මහරජ, ඉදින් වනාහි ඇත්ත කීයෙහි නම් පෙර මෙන් වෙව, ඉදින් බොරු කීයෙහිනම් භූමියට පිවිසෙව,

“අසනලද්දාවූ යමෙක්තෙම දනිමින් ඒ ප්‍රශ්නය අන් පරිද්දකින් කියන්නේනම් ඔහුගේ පුත්‍රයෝ ඔහුට උපකාර ඇත්තෝ නොවෙත්. දිශානුදිශාවට පලායෙත්.

“චේතිය නම් රජ, ඉදින් වනාහී ඇත්ත කීයෙහිනම් පෙර මෙන් වෙව, මහරජ, ඉදින් බොරු කීයෙහිනම් භූමියට ප්‍රවිෂ්ට වෙව,

“ඒ චේතිය රජතෙම පූර්වයෙහි කපිල නම් මහර්ෂීන් කරණකොටගෙණ රජ බවට පැමිණියේ අහස හැසිරෙන්නාවූ මෙතෙම පිරිහුණ ස්වභාව ඇත්තේ කාලානුරූප බවට පැමිණ පොළොවටද ඇතුළුවූයේය.

“එහෙයින් වනාහි ඡන්දයෙන් අගතියට යාම ප්‍රාඥයෝ ප්‍රශංසා නොකෙරෙත්. එහෙයින් දුෂ්ට නොවූ සිත් ඇත්තේ සත්පුරුෂයන් විසින් යහපතැයි කියනලද සත්‍ය වචනය කියන්නේය.”

චෙතියජාතකං ඡට්ඨං.