ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

9. නවක නිපාතය

431. හාරිත ජාතකය

“මහා බමුණාණෙනි, හාරිත නම් තපස්වීතෙම කාමයන් අනුභව කෙරේයයි මා විසින් මේ කාරණය අසනලදී. කිමෙක්ද, මේ කීම බොරුද, කිමෙක්ද, පිරිසුදුවූයේ වාසය කෙරෙහිද,

“මහරජ, තා විසින් අසනලද වචනය යම්සේද, මේ කාරණය එසේමැයි. නින්දිතවූ මාර්ගයට පිළිපන්නේ වෙමි. මුළාවිය යුතුවූ පඤ්චකාම ගුණයන්හි මුළාවූයේ වෙමි.

“සියුම්වූ සියල්ල මනාකොට සිතන්නාවූ ප්‍රඥාව කුමකටද? යම් ප්‍රඥාවකින් උපන්නාවූ රාගය කෙබඳු සිත් ඇත්තේ දුරු නොකරන්නේද,

“මහරජ, ලොකයෙහි යමෙකු කෙරෙහි ප්‍රඥාතොමෝ පිහිට නොලබාද, රාගයද, ද්වෙෂයද මදයද මොහයද යන මේ සතරදෙන අතිශයින් ඉතා බල ඇත්තෝයි.

“පූජාවට සුදුසුවූ සිල්වත්වූ පිරිසිදුවූ හාරිත නම් තපස්වීතෙම ප්‍රඥා ඇත්තේය. පණ්ඩිතද වේයයි මෙසේ පින්වත්තෙම අප විසින් සම්භාවනා කරණලදී.

“මහරජ, ශුභ වශයෙන් ගත්තාවූ රාගයෙන් යුක්තවූ ලාමකවූ කාම විතර්කයෝ ධර්ම ගුණයෙහි ඇළුණු නුවණ ඇත්තාවූද තපස්වියාට හිංසා කෙරෙත්.

“තොපට යහපතෙක් වේවයි, බොහෝදෙනා අතුරෙන් නුවණ ඇත්තේයයි ප්‍රසිද්ධවූයේ විය. තගේ ශරීරයෙහි හටගත්තාවූ ගුණ වර්ණ රූප වර්ණ දෙක කිළුටු කරන්නාවූ මේ රාගය උපන්නේය. එය දුරු කරව,

“නුවණ ඇස අන්ධ කරන්නාවූ බොහෝ දුක් ඇත්තාවූ මහත් විෂයක් වැනිවූ ඒ කාමයන් දුරු කිරීමට ඔවුන්ගේ මුල සොයන්නෙමි. රාගය බැඳුම් සහිතව සිඳිමි.

“හාරිත නම්වු සත්‍යවූ පරාක්‍රම ඇති තපස්වීතෙම මෙය කියා කාම රාගය දුරුකොට බඹ ලොවට පැමිණියේ විය.”

හරිතචජාතකං පඤ්චමං.