ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

10. දශක නිපාතය

442. සංඛ ජාතකය

“සංඛ නම් බ්‍රාහ්මණය, නුඹ වනාහි බහුශ්‍රැතවූයේ අසනලද ධර්ම ඇත්තේවෙහිය. ඔබ විසින් මහණ බමුණෝද, දක්නාලදහ. එසේ ඇතිකල්හි නුසුදුසු කාලයෙහි වැළපීම දක්වන්නෙහිය. මා හැර ප්‍රතිවචන දෙන්නාවූ අනික් කවරෙක්වේද,

“මනා බැම ඇති. සිත් කළුවූ මනාකොට බහා ලන ලද ස්වර්ණාභරණ ඇති ස්ත්‍රියක් ස්වර්ණමයවූ තලියක් දෙඅතින් ගෙන සතුටු සිත් ඇත්තී බත් අනුභව කරවයි. මෙසේ මට කියයි. ඈට මම නොකැමැත්තෙමියි කියමි.

“බ්‍රාහ්මණය, තමහට සුව කැමැත්තාවූ පුරුෂතෙම මෙබඳුවූ යක්ෂයා දැක විචාරන්නේය. එහෙයින් නැගී සිටුව, ඔහු ඇදිළි බඳනාලද්දේ නුඹ දෙවතා දුවක් වෙහිද, නොහොත් මනුෂ්‍ය ස්ත්‍රියක් වෙහිදැයි විචාරව.

“මහත් ආනුභව ඇති ස්ත්‍රිය යම්හෙයකින් නුඹ සුවසේ මා බලන්නෙහිද? නුඹ බත් අනුභව කරවයි. මෙසේ මට කියන්නෙහිද, තී විචාරමි. නුඹ දෙව්දුවක් වෙහිද, මනුෂ්‍ය ස්ත්‍රියක් වෙහිදැයි විචාළේය.

“සංඛ නම් බ්‍රාහ්මණය, සමුද්‍ර ජලය මධ්‍යයෙහි මෙතනට ආවාවූ මම මහත් ආනුභාව ඇති දෙව්දුවක්මි. අනුකම්පා ඇත්තී තොපටම වැඩ සඳහා මෙතැනට පැමිණියෙමි. ඉතා දූෂ්‍යවූ සිත් ඇත්තී නොපැමිණියාද වෙමි.

“සංඛනම් බ්‍රාහ්මණය, ඒ ඔබගේ සිතින් යම්කිසිවක් කැමතිවන ලදද, එසේවූ ආහාර පානයද ශයනාසනද අනෙකප්‍රකාරවූ යානාවන්ද යන මේ සිල්ලම මම පිළියෙල කොට දෙමි.

“මනාවූ ගාත්‍ර ඇති මනාවූ කටිපෙදෙස් ඇති මනාවූ බැම ඇති, මනාවූ මධ්‍ය ප්‍රදෙශ ඇති තැනැත්තිය මාගේ යම්කිසි දෙනලද දානයක් හෝ කරණ ලද ආගන්තුග සත්කාරයක් හෝ ඇද්ද, අපගේ ඒ සියල්ලට නුඹ අධිපතිය. මාගේ කවර කර්මයක්හුගේ මේ විපාකය වේද,

“බ්‍රාහ්මණය, ග්‍රීෂ්ම කාලයෙහි මාර්ගයෙහි හුණු වැල්ලෙහි ගැටුණු පා ඇති පිපාසිතවූ ක්ලාන්තවූ එක් පසේ බුදු කෙනෙකුට වහන් සඟලක් පිළියෙල කොට දුන්නේය. ඒ තා දුන් දානය තොපට අද කැමති සම්පත් දෙන්නෙහිය.

“අනික් යානාවකට භූමියක් නොම ඇත්තේය. එහෙයින් ඒ නැව නොයෙක් පුවරුයෙන් යුක්තවූවා දිය නොවැදගන්නී අනුකූලවාතයෙන් යුක්තවූවක් වේවා. අදම මා මෝලිනී නම් නුවරට පමුණුවාවා.

“එතැන්හිලා ප්‍රීතියෙන් යුක්තවූ සුන්දර සිත් ඇත්තාවූ සතුටුවූ ඒ දෙව්දුව විචිත්‍රවූ නැවක් මවාගෙන සහචර පුරුෂයා සමග සංඛ නම් බ්‍රාහ්මණයා ගෙන ගොස් ඉතා රම්‍යවූ මෝලිනී නම් නුවරට පැමිණවීය.”

සඞ්ඛජාතකං චතුත්ථං.