ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

10. දශක නිපාතය

446. කක්කාල ජාතකය

“පියාණෙනි, කුකුළලද නැත. වැල් අලද නැත. සිරි අලද නැත. තල් අලද නැත. එතකුදු වුවත් හුදකළාවූයේ වනයෙහි සොහොන් මැද වලක් කණන්නෙහිය. පියාණෙනි, කුමක් කැමැත්තෙහිද,

“පුත්‍රය, තාගේ මුත්තනු තෙම නොයෙක් ලෙඩ වලින්වූ දුකින් පහරණ ලද්දේ ඉතා දුර්වලය. අද මම ඔහු වලෙහි ලන්නෙමු. ඔහුගේ ඒ ජීවිතය නොකැමැත්තෙමි.

“මේ අදහස පාපකාරීය. එහෙයින් යහපත ඉක්මවා සිටියාවූ දරුණුවූ කර්මයක් කරන්නෙහිය.

“පියාණෙනි, ජරාවට පැමිණියාවූ නුඹද මා විසින් මෙබඳුවූ කර්මයක් ලබන්නෙහිය. ඒ කුලයෙහි ආ පැවතීම බල පවත්නේ මමද නුඹ වලෙහි බහා ලන්නෙමි.

“කුමාරය, තෝ පරුෂ වචනවලින් නින්දා කරමින් මා ගටා බණන්නෙහිය. පුත්‍රය, තෝ මාගේ ලෙහි උපන්නාවූ පුත්‍රවූයේම මට අහිතානුකම්පා ඇත්තෙක් වෙහිය.

“පියාණෙනි, මම නුඹට අහිතානුකම්පා ඇත්තේ නොවෙමි. පියාණෙනි, මමද නුඹට ජාතානුකම්පා ඇත්තේ වෙමි. එහෙයින් පාප කර්මය කරන්නාවූ තා එයින් වළක්වන්ට සුදුස්සෙමි.

“සවිට්ඨය, පාප ස්වභාව ඇත්තාවූ යමෙක් තෙම නිරපරාධවූ මවට හෝ පියාට හෝ හිංසා කෙරේද, හෙතෙම ශරීර භෙදයෙන් මත්තෙහි පරලොව සැක නැතිව නරකයට පැමිණේ.

“සවිට්ඨය, යමෙක් තෙම මවට හෝ පියාට හෝ ආහාරයෙන්ද පානයෙන්ද උපස්ථාන කෙරේද, හෙතෙම ශරීර භෙදයෙන් මත්තෙහි පරලොව සැක නැතිව සුගතියට පැමිණේ.

“පුත්‍රය, තෝ මට අහිතානුකම්පා ඇත්තේ නොවෙහි පුත්‍රය, තෝ මට හිතානුකම්පා ඇත්තෙහිය, මමද තාගේ මව විසින් කියන ලද්දේ මෙබඳුවූ දරුණු කර්මය කෙරෙමි.

“තාගේ අයහපත් ස්වභාව ඇති යම් ඒ භාර්යාවක් වේද? මට වැදූ මවවූ ස්වකීයවූ මෝතොමෝ මව්ය. සිය ගෙදරින් මැය බැහැර කරව, නුඹට ඕතොමෝ අනිකුදු දුකක් පමුණු වන්නීය.

“තාගේ අනාර්ය ස්වරූපවූ යම් මේ භාර්යාවක් ඇද්ද, ඕතොමෝ මාගේ ස්වකීයවූ උත්පාදකවූ මව්ය. ඇතින්නක් මෙන් දැමුනාවූ වසඟ බවට පැමිණියාවූ ඒ ලාමක ස්වභා ඇත්තී නැවත පැමිණේවා.”

තක්කලජාතකං අට්ඨමං.