ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

13. තෙරස නිපාතය

474. අම්බ ජාතකය

“බ්‍රහ්මචාරිය, මට පෙර කුඩාවූද මහත්වූද අඹගෙඩි ගෙණාවෙහිය. බ්‍රාහ්මණය, තොපගේ ඒ මන්ත්‍රවලින්ම දැන් ද්‍රැම ඵලයෝ හෙවත් අඹගෙඩි පහළ නොවෙත්.

“නැකැත් යෝගය ගරුකරමි. ක්ෂණයද මොහොතද මා සතුටු නොකෙරෙත්. නැකැත් යෝගයද මුහුර්තයද ලැබ ගෙණ නැවත බොහෝවූ අඹගෙඩි ගෙනෙන්නෙමියි. කීයේය.

“පූර්වයෙහි නැකැත් යෝගයක් නොකීයේය. පෙර ක්ෂණයක් මුහුර්තයක් ලැබියයුතු බව නොකීයේය. තෙමේ වර්ණයෙන් සුවඳින්ද රසයෙන්ද යුක්තවූ අඹඵල ගෙණායේය.

“බ්‍රාහ්මණය, පළමුකොට මන්ත්‍ර ජපකිරීමෙන් තොපට අඹ ගසෙහි ගෙඩි පහළවූහ. ඒ තෝ අද මන්ත්‍රයන් ජප කරන්නේද, අඹඵල ගන්වන්ට නොහැකිවූයේය. අද තොපගේ ඒ මේ ස්වභාවය තෙම කවරෙක්නම් වේද,

“චණ්ඩාල පුත්‍රයෙක්තෙම මට මන්ත්‍රයන් දැහැමින් දුන්නේය. විචාරණ ලද්දේ මාගේ නාම ගෝත්‍රය නොසඟවව. මන්ත්‍රයතෙම තා නොහරීවායි නොනස්නා කාරණයද කීයේය.

“ඒ මම මහරජහු විසින් ජනයා මැද අසනලද්දේ ගුණමකු බැවින් මඩනාලද්දේ බොරුව කීයෙමි. මේ මන්ත්‍රයෝ බ්‍රාහ්මණයෙකුගේයයි කීම බොරු බසකි. එහෙයින් දැන් ප්‍රහීණවූ මන්ත්‍ර ඇත්තේ, බැගෑපත්ව හඬමි.

“මී කැමති තැනැත්තේ එරඬුගස හෝ කොසොඹ ගස හෝ නොහොත් එරබදු ගස් හෝ බැඳි මීයක් ලබන්නේද ඔහුට ඒ ගස වනාහි උතුම් ගසවේ.

“ක්ෂත්‍රියයෝද බ්‍රාහ්මණයෝද වෛශ්‍යයෝද ශුද්‍රයෝද චණ්ඩාල පුක්කුසයෝද යන යමෙකු කෙරෙන් ධර්මයක් දැන ගන්නේද, හෙතෙම වනාහි ඔහුට නරොත්තම නම් වේ.

“යමෙක්තෙම දුකින් ලබන ලද උතුම්වූ අර්ථය අධික මානයෙන් නැසුයේද, මොහුට දඬුවම්ද වධයද දී මේ හීනයා බොටුව අල්වාගෙණ පිටතට ඇද දමව්

“යම්සේ ආවාටයක ගුහාවට ප්‍රපාතයෙක නරා වළෙක යන විෂම තැන් සමයයි සිතන්නේ වැටෙන්නේද, වැළක යන සංඥාවෙන් කෘෂ්ණ සර්පයෙකු ආක්‍රමණය කරන්නේද, අන්ධයෙක්තෙම යම්සේ ගිනි මඩින්නේද, සප්‍රාඥය, එපරිද්දෙන්ම වරදකළාවූ මා නුඹවහන්සේ දැන ප්‍රහීණවූ මන්ත්‍ර ඇති මට නැවත මන්ත්‍රය දුනමැනවයි යාඥාකෙළේය.

“දැහැමින් තට මන්ත්‍රය දුනිමි. තෝද දැහැමින් පිළිගත්තෙහිය. සතුටු සිත් ඇත්තේ ස්වභාවයද තට කීයෙමි. ධර්මයෙහි සිටියහු නම් තා මන්ත්‍රයතෙම නොහරින්නේය.

“යමක් අද මනුෂ්‍ය ලෝකයෙහි දුර්ලභද එබඳුවූ දුකසේ ලබන ලද බලවත්වූ මන්ත්‍රයද දුකසේ ලබන ලද ජීවිකාවෘත්තියද නුවණ මදවූ යමෙක්තෙම බොරු කියමින් විනාශ කෙළේද,

“මූඪවූ කෙළෙහිගුණ නොදන්නාවූ බොරු කියන්නාවූ සංයමයක් නැත්තාවූ අඥානවූ තට අපි එබඳු මන්ත්‍ර නොදෙමු. මන්ත්‍රයෝ කොයින්ද, මට තා නුරුස්නේය. යවයි කීයේය.”

අම්බජාතකං පඨමං.