ඛුද්දකනිකාය

පෙතවත්ථු

4. මහා වර්ගය

15. සෙට්ඨිපුත්ත ප්‍රෙත කථාව

“ලොහො කුඹු නිරයෙහි පැසෙන්නාවූ අපට සැට දහසක් හවුරුදු සැම ලෙසින් පිරුණාහුය. කවර කලෙක කෙළවර වන්නේද?

“නිදුකාණෙනි, මාගේද, තාගේද (දුක් විඳීමේ කෙළවරක්) නැත්තේය. අවසනක් කොයින්ද කෙළවර දක්නා නොලැබේ. එපරිද්දෙන්ම පව්කම් (මා හා තා විසිනුත්) කරණ ලදී.

“යම්බඳු අපි (දාන වස්තු) ඇති කල්හී කිසිවක් නොදුනිමු. ගර්හිත ජීවිතයක් ඇතිව ජීවත් වීමු. දාන වස්තු ඇතිකල්හි තමහට පිහිටක් (අපි) නොකෙළෙමු.”

“ඒ එසේ මැයි. ඒ මම මෙයින් සැව ගොස් මිනිසත් බව ලැබ පරිත්‍යාගශීලීව නොහොත් යාචකයන්ගේ වදන් දක්නාසුලුව සිල්වත්ව ඒකාන්තයෙන් බොහෝ කුසල් කරන්නෙමි.”

සෙට්ඨිපුත්තපෙතවත්ථු පන්නරසමං.