ඛුද්දකනිකාය

පෙතවත්ථු

1. උරග වර්ගය

8. ගොන් (ගොනා) ප්‍රේතයාගේ කථාව

“කිමෙක්ද? පිස්සෙකු මෙන් අළුත් තණ කපා ඉක්ම ගිය ජීවිතය ඇති (මැරුණු) නාකි ගවයකුට කාපිය කාපිය,යි කියයි.

“මළ ගොනා ආහාරයෙන් පානයෙන් නැගිටුවාලිය නොහැක්කේය. අයහපත් අදහස් ඇති, අන් පුද්ගලයෙකු යම්සේද, නුඹත් නුවණ නැති, බාලයෙක් වූයෙහිද?”

“මේ පයද, මේ හිසද, වලිගයද සහිත මේ ශරීරයද නේත්‍රයෝද, එසේම තිබෙත්. මේ ගොනා නැගිටින්නේය.”

“පියාගේ අත් පාද, ශරීරයද හිසද නොපෙනේ මැටි ථූපයක් ලඟ අඬන ඔබම නුවණ නැත්තෙක් නොවේද,

“ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් ශොකාග්නියෙන් ගිනි ගත්තාවූම මා ජලය වත්කරන්නෙකු මෙන් සියලු චිත්ත දාහය, නිවන්නේය.

“මාගේ හෘදය ආශ්‍රය කළ ශොක නමැති හුල උගුලන ලද්දේය. යමෙක් ශොකයෙන් පීඩිතවූ මාගේ පියා නිසාවූ ශොකය දුරු කළේද,

“ඒ මම ඉදිරුණු ශොක නමැති හුල් ඇත්තේ වෙමි. සිහිල් වූයේ වෙමි. නිවුනේ වෙමි. පින්වත් මාණවකය නුඹේ වචන අසා ශොක නොකරමි, නොහඬමි.

“යම්සේ යහපත්ව උපන් පුත්‍රයා පියා සෝ දුකින් මුදාලයිද, නුවණ ඇති අනුකම්පා ඇති යම් කෙනෙක් වෙත් නම් ඔව්හු එසේ කරත්. ශොකයෙන් මුදවත්”

ගොණපෙතවත්ථු අට්ඨමං.