සංයුත්තනිකායො
සගාථ වර්ගය
11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය
1. සුවීර වර්‍ගය
8. වීරෝවන් අසුරින්‍ද (නොහොත් අත්‍ථ) සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ විවේකීවූ සේක් දහවල් විවේකයට වැඩිසේක.
එකල ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේද වේරෝචන අසුරේන්‍ද්‍ර තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහ. පැමිණ, පිටිපස දොරබා සමීපයෙහි වෙන වෙනම සිටියහ.
ඉක්බිති වේරෝචන දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථාව කීය:
’’බලාපොරොත්තු ඉටුවීම තෙක් පුරුෂ තෙම වෑයම් කරන්නේමය. ව්‍යාපාරයෝ ඉටුවීම නිසා හොබනාහු වෙත්. මේ වේරෝචනගේ වචනයි.’’
(ශක්‍ර තෙම මෙසේ කීය.) ’’බලාපොරොත්තු ඉටුවීම තෙක් පුරුෂ තෙම වෑයම් කරන්නේමය. ව්‍යාපාරයෝ ඉටුවීම නිසා හොබනාහ. ඉවසීමට වඩා උතුම් අර්‍ථයක් නම් නැත්තේය.’’
(වේරෝචන මෙසේ කීය.) සියලු සත්ත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිදි හටගත් කටයුතු ඇත්තෝය. සියලු ප්‍රාණීන්ගේ ආහාරාදිය සියලු දේ නොයෙක්
ලෙසින් සකස් කිරීමෙන්ම අනුභවයට සුදුසු වෙති. සියලු කටයුතු ඉටුවීම නිසාම හොබනාහු වෙත්. මේ වේරෝචනගේ වචනයි.’’
(ශක්‍ර තෙම මෙසේ කීය.) ’’සියලු සත්ත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිද්දෙන් හටගත් කටයුතු ඇත්තෝය. සියලු ප්‍රාණීන්ගේ ආහාරාදී සියලු දේ නොයෙක් ලෙසින් සකස් කිරීමෙන්ම අනුභවයට සුදුසු වෙති. සියලු කටයුතු නිසාම හොබනාහු වෙත්. ක්‍ෂාන්තියට වඩා උතුම් අර්‍ථයෙක් නම් නැත්තේය.’’