සංයුත්තනිකායො
සගාථ වර්ගය
11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය
1. සුවීර වර්‍ගය
9. ඉසයො අරඤ්ඤතා (නොහොත් ගන්‍ධ) සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්‍ෂූන් ඇමතූසේක. ’’ස්වාමීනී’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) ’’මහණෙනි, පෙරවූ දෙයක් කියමි. සිල්වත් යහපත් දහම් ඇති බොහෝ ඎෂීහු වනයෙහි පන්සල්හි වෙසෙත්. මහණෙනි,
ඉක්බිති ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේද වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙමේද සිල්වත් යහපත් දහම් ඇති ඒ ඎෂීන් වෙත පැමිණියාහ.
’’ මහණෙනි, එවිට වේපචිත්ති අසුරිඳු තෙම කීප පටකින් යුත් පාවහන් පැළඳ, කඩුව උරෙහි එල්ලා ගෙන, කුඩය දරමින් ප්‍රධාන දොරින් පන්සලට පැමිණ, ඒ සිල්වත් යහපත් දහම් ඇති ඎෂීන්ට ගරුසරු නොදක්වා ඉක්ම ගියෝය.
’’ මහණෙනි, ඉක්බිති ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම කීප පටකින් යුත් පාවහන් ඉවත්කොට, කඩුව අන්‍යයන්ට දී, කුඩය අකුලා තබා ( කුඩා ) දොරින්ම පන්සලට පිවිස ඒ සිල්වත් ගුණවත් ඎෂීන් ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේය.
’’ මහණෙනි, ඉක්බිති ඒ සිල්වත් යහපත් දහම් ඇති ඎෂීහු ශක්‍ර දේවේන්‍ද්‍රයාට ගාථායෙන් ( මෙසේ ) කීය.
’’බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන්වූ වත් ඇති ඎෂීන්ගේ කයින් නික්මෙන්නාවූ ගඳ වාතය කරණකොට ගෙන හමයි. දහසක් ඇස් ඇති ශක්‍රය, මෙයින් ( මේ වාතය හමන දෙසින් ) ඉවත් වෙව. දේවේන්‍ද්‍රය, ඎෂීන්ගේ සිරුරු ගඳ අපිරිසිදුය.’’
(ශක්‍ර තෙම මෙසේ කීය.) ’’බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන්වූ ව්‍රත ඇති ඎෂීන්ගේ කයින් නික්මෙන්නාවූ ගඳ වාතය කරණකොට ගෙන හමා වා. ස්වාමීනි,
මේ ගන්‍ධය අප හිසෙහිවූ විසිතුරු මල් ඇති මල්දමක් මෙන් කැමැත්තෙමු. මෙහි (සීලවන්තයන්ගේ ගන්‍ධයෙහි) දෙවියෝ පිළිකුල් සංඥා ඇත්තෝ නොවෙත්.