සංයුත්තනිකායො

නිදාන වර්ගය

5. කස්සප සංයුත්තය

10. උපස්සය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහා කස්සපතෙමේ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දතෙම පාත්‍ර සිවුරු ගෙන ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන්හට මෙය කීයේය. “ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, එක්තරා භික්ෂුණී ආරාමයක් යම්තැනෙක්හිද, එතැන්හි යමුයි” කියායි. “ඇවැත් ආනන්දය, තෙපි යව්. තොපට බොහෝ කටයුතු ඇත්තේයයි” කීයේය. දෙවෙනුවත් ආයුෂ්මත් ආනන්දතෙම ආයුෂ්මත් මහාකස්සප තෙරුන්හට මෙය කීයේය. “ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, එක්තරා භික්ෂුණී ආරාමයක් යම්තැනෙක්හිද එතැන්හි යමුයි” කියායි. “ඇවැත් ආනන්දය ඔබ යන්න. ඔබට බොහෝ කෘත්‍යය ඇත්තේය. බොහෝ කටයුතු ඇත්තේයයි” කීයේය.

තෙවනුවත් ආයුෂ්මත් ආනන්දතෙම ආයුෂ්මත් මහා කස්සප තෙරුන්හට මෙය කීයේය. “ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, එක්තරා භික්ෂුණී ආරාමයක් යම් තැනෙක්හිද එතැන්හි යමුයි” කියායි.

ඉක්බිති ආයුෂ්මත් කස්සප ස්ථවිරතෙම පෙරවරු කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ආනන්ද තෙරුන් පසු ගමන්කරන ශ්‍රමණයකුකොට, එක්තරා භික්ෂුණී ආරාමයක් යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, පණවනලද ආසනයෙහි වැඩහුන්නේය. ඉක්බිති බොහෝ භික්ෂුණීහු ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරයන්ට වැඳ, එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුණීන්ට ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරතෙම දැහැමි කථාවෙන් කරුණු දැක්විය. (එහි) සමාදන් කරවිය. තියුණු කරවිය. ප්‍රසන්න කරවිය. ඉක්බිති, ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරතෙම ඒ භික්ෂුණීන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වා, (එහි) සමාදන් කරවා, තියුණු කරවා, ප්‍රසන්න කරවා හුනස්නෙන් නැගිට වැඩියේය.

ඉක්බිති ථුල්ලතිස්සා නම් භික්ෂුණිය නොසතුටුවූවා, නොසතුටු වචනයක් කීවාය. (එනම්:-) “කිමෙක්ද? මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ පණ්ඩිත භික්ෂුවක්වූ, ආනන්ද ආර්‍ය්‍යයන් වහන්සේගේ සමීපයෙහි ධර්මය දේශනා කළයුතුයයි හඟිනසේක්ද? යම්සේ ඉදිකටු වෙළෙන්දෙක් ඉදිකටු සාදන්නාගේ සමීපයෙහි ඉදිකටු විකිණිය යුතුයයි හඟින්නේ වේද, එසේම මහාකස්සප ආර්‍ය්‍යයන් වහන්සේ, පණ්ඩිත භික්ෂුවක්වූ, ආනන්ද ආර්‍ය්‍යයන් වහන්සේගේ සමීපයෙහි ධර්මය දේශනා කළයුතුයයි හඟිනසේක්ය කියායි.

ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරතෙම කියන්නාවූ ථුල්ලතිස්සා භික්ෂුණියගේ මේ වචනය ඇසූයේය. ඉක්බිති ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ආනන්දය, කිමෙක්ද? මම ඉදිකටු වෙළෙන්දෙක්ද? නුඹ ඉදිකටු සාදන්නෙක්ද? නැතහොත් මා ඉදිකටු සාදන්නෙක්ද? නුඹ ඉදිකටු වෙළෙන්දෙක්ද?” කියායි. “ස්වාමීනි කස්සපයන් වහන්ස, සමාවන සේක්වා. ස්ත්‍රිය අඥානයයි” කීයේය. “ඇවැත් ආනන්දය, නුඹ සිටින්න. නුඹ ගැන සංඝතෙමේ මත්තෙහි පරීක්ෂා නොකෙරේවා.

“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේදී, ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාරසහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කරමියි’ භික්ෂු සංඝයාට දැක්වූයෙහිද?

‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසයකෙරෙයි’ කියා ‘ස්වාමීනි, ඒ එසේ නොවේමය.’ ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී, භික්ෂු සංඝයාට ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් කාමයන්ගෙන් වෙන්ව (සියලු) අකුශලය ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කරමි.

‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක්කල් කැමැති වෙයිද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශලධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබූයෙහිද, ‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ, හිතේ එකඟබව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කරමි.”

‘මහණෙනි, ආනන්ද තෙමේ යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, හිතේ එකඟබව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි”

“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි. ‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ, හිතේ එකඟබව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කරමි.

‘මහණෙනි, කාශ්‍යප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ, හිතේ එකඟබව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි’ කියා දක්වනු ලැබුවෙමි.”

“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබූයෙහිද, ‘මහණෙනි, මම යම්තාක්කල් කැමති වෙම්ද, ඒ තාක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරමි. සිහියෙන් යුක්ත වූයේ, කයින් සැප වින්දෙමි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්ත වූයේ සැප විහරණ ඇත්තේයයි, ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ, වාසය කරමි. මහණෙනි, ඇවැත් ආනන්ද තෙමේද යම් තාක් කල් කැමති වෙයිද, ඒ තාක් ප්‍රීතිය ඉක්ම වීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙරෙයි. සිහියෙන් යුක්ත වූයේ කයින් සැප වින්දේය. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණය ඇත්තේයයි, ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වන ද්ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි’ කියා දක්වනු ලැබුවෙමි.”

“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි. ‘මහණෙනි, මම යම්තාක්කල් කැමති වෙම්ද ඒ තාක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරමි. සිහියෙන් යුක්ත වූයේ කයින් වින්දෙමි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්ත වූයේ කයින් සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමති වෙයිද ඒ තාක් ප්‍රීතිය ඉක්ම වීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්ත වූයේ කයින් සැප වින්දේය. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්ත වූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ, වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද, ‘මහණෙනි, මම යම්තාක් කල් කැමති වෙම්ද ඒ තාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරමි.

‘මහණෙනි, ආනන්දය, යම්තාක් කල් කැමැති වෙයිද, ඒ තාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුවෙමි.

‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙමිද ඒ තාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරමි.

‘මහණෙනි, කස්සප තෙමේ යම්තාක් කල් කැමැති වෙයිද ඒ තාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැපනැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුයෙමි.’ ”

“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද, ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒ තාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් පටිඝ (ගැටීම්) සංඥාවන් නැති කිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි.’

‘මහණෙනි, ඇවැත් ආනන්දතෙමේ යම්තාක් කල් කැමැති වෙයිද ඒ තාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් පටිඝ (ගැටීම්) සංඥාවන් නැති කිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාසය අනන්තයයි. ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුවෙමි. ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් පටිඝ (ගැටීම්) සංඥාවන් නැති කිරීමෙන් නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි.”

‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, පටිඝ ගැටීම් සංඥාවන් නැති කිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් “ආකාසය අනන්තයයි” ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි කියා දක්වනු ලැබුවෙමි.”

“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤානඤ්චායතනයට පැමිණ වාසය කරමි’ කියායි.

‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.

‘මහණෙනි, මම යම්තාක්කල් කැමැතිවෙම්ද ඒ තාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සපතෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ඇවැත්, ආනන්දය ඒ කිමැයි සිතන්නෙහිද නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිද භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද.

‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ, වාසය කරමි.

‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක්කල් කැමැතිවෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.

‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.

‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.

‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ, වාසය කෙරෙයි කියා දක්වනු ලැබීමි.’ ”

“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.

‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.

‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාස්ඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරමි.

‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරොධයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.

‘මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කෙරෙමි.

‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කෙරේය කියා දක්වනු ලැබුවෙමි.”

“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරමි) දක්වමි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙමි. බොහෝසේව එකෙක් වෙමි. ප්‍රකටබවට, මුවහබවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යමි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යමි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගාමි, පිරිමදිමි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරමි.

‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරයි) දක්වයි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට මුවහබවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කරයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණියා ගොතා) හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.

‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරමි) දක්වමි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙමි. බොහෝසේව එකෙක් වෙමි. ප්‍රකට බවට, මුවහබවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යමි දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම්, කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යමි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගාමි, පිරිමදිමි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරමි.

‘මහණෙනි, කස්සප තෙමේද, යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරයි) දක්වයි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහබවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම්, කරයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟකෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසුදුවූ, මිනිස් කණ ඉක්මවා පැවැත්තාවූ, දිව කණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද ළඟවූද, ශබ්ද අසමි.

‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් පිරිසුදුවූ, මිනිස්කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමය වූද, දුරවූද, ළඟවූද, ශබ්ද අසයි කියා දක්වනු ලැබුවෙමි.”

“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුවෙමි.

‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසුදුවූ, මිනිස්කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ළඟවූද, ශබ්ද අසමි.

‘මහණෙනි, කස්සපතෙමේද, යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් පිරිසුදුවූ, මිනිස්කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ළඟවූද ශබ්ද අසයි කියා දක්වනු ලැබුවෙමි.”

“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනිමි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දනිමි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනිමි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනිමි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනිමි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනිමි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනිමි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනිමි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනිමි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනිමි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනිමි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනිමි. ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනිමි. සමාධි ගතවූ සිත සමාධි ගතවූ සිතයයි දනිමි. සමාධි ගතනොවූ සිත සමාධි ගතනොවූ සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දනිමි.’

‘මහණෙනි, ආනන්ද තෙමේද, යම්තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනියි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනියි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනියි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනියි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනියි. ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි. සමාධි ගතවූ සිත සමාධි ගතවූ සිතයයි දනියි. සමාධි ගතනොවූ සිත සමාධි ගතනොවූ සිතයයි දනියි. (ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනියි. (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දැන ගනියි. කියා දක්වනු ලැබුවෙමි.”

“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.

‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනිමි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිත යයි දනිමි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනිමි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනිමි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනිමි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනිමි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනිමි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනිමි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනිමි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනිමි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනිමි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනිමි. ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනිමි. සමාධිගතවූ සිත සමාධි ගතවූ සිතයයි දනිමි. සමාධි ගතනොවූ සිත සමාධි ගතනොවූ සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දනිමි. දැනගතිමි.

මහණෙනි, කස්සප තෙමේද, යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනියි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනියි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනියි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනියි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනියි. ලෞකික සිත් අතුරෙන් උසස්වූ සිත අනුත්තර සිතයයි දනියි. සමාධි ගතවූ සිත සමාධිගතවූ සිතයයි දනියි. සමාධි ගතනොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි. (ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනියි. (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දැනගනියි. කියා දක්වනු ලැබුවෙමි.”

“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහිකරමි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද. නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක්සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්මභාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරමි.

‘මහණෙනි, ආනන්ද තෙමේද, යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහි කරයි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද, අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්මභාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳපිළිවෙළ සිහිකෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.

‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහිකරමි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්මභාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරමි.

‘මහණෙනි, කාශ්‍යප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහි කරයි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එැතනින් චුතව මේ මනුෂ්‍යාත්ම භාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳපිළිවෙළ සිහිකෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුත වන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකිමි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්හට දොස්කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද.

‘මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගතිමි.

‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකියි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද.’

‘මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගනියි කියා දක්වනු ලැබුවෙමි.”

“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිද භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.

‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකිමි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද’

‘මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගතිමි.

‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත්ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද’ කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකියි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද.’

‘මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැන ගතියි කියා දක්වනු ලැබුවෙමි,”

“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදු භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද ‘මහණෙනි, මම ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්ද, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියද, (අර්හත් ඵල සමාධියද) පඤ්ඤවිමුත්තියද, මේ ආත්මයෙහිදී තෙමේ ම දැන, ප්‍රත්‍ය කොට, ඊට පැමිණ වාසය කරමි.

‘මහණෙනි, ආනන්දතෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියද, පඤ්ඤා විමුක්තියද (අර්හත් ඵල ප්‍රඥාවද) මේ ආත්මයෙහිදී තෙමේ ම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුවෙමි.’

‘මහණෙනි, මම ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුක්තියද, තෙමේ ම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කියා දක්වනු ලැබුවෙමි.’

‘මහණෙනි, කස්සප තෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියද, පඤ්ඤා විමුත්තියද (අර්හත් ඵල ප්‍රඥාවද) මේ ආත්මයෙහිදී තෙමේ ම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”

“ඇවත, යමෙක් මාගේ ෂට් අභිඥාවන් වැසිය යුතුයයි හඟින්නේවේ නම්, හෙතෙම හත්රියන් හෝ හත් රියන් හමාරක් හෝ වූ, ඇතෙකු තල්පතකින් වැසිය යුතුයයි හඟින්නෙකු වැනිය.

ථුල්ලතිස්සා මෙහෙණද බ්‍රහ්මචරියාවෙන් (ශාසනයෙන්) චුතවූවාය.”

(දසවෙනි උපස්සය සූත්‍රය නිමි.)