සංයුත්තනිකායො
නිදාන වර්ගය
7. රාහුල සංයුත්තය
1. පළමුවන වර්ගය
2. රූප සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති, ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේට වැඳ එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ හට මෙය කීයේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දහම් දෙසනසේක් නම් යෙහෙකි. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවන කරා යවන ලද සිත් ඇතිව, වාසය කරන්නෙමියි කියායි.
රාහුලය, ඒ කිමැයි හඟන්නෙහිද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යයද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ශබ්දය, නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ගන්ධය, නිත්‍යය හෝ අනිත්‍ය හෝ වේද?’-ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය’
‘රසය, නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ස්පර්ශය, නිත්‍ය හෝ අනිත්‍යය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.
‘යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැප හෝ වේද?’, ‘ස්වාමීනි, දුකය.’
යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
ධර්මය, නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයෙහිත් කලකිරෙයි. ශබ්දයෙහිත් කලකිරෙයි. ගන්ධයෙහිත් කලකිරෙයි. රසයෙහිත් කලකිරෙයි. ස්පර්‍ශයෙහිත් කලකිරෙයි, ධර්මයෙහිත් කලකිරෙයි. කලකිරුණේ නො ඇලෙයි. නො ඇලීමෙන් ක්ලෙශයන්ගෙන් මිදෙන්නේය. (ක්ලේශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලෙශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිම කරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්ම භාවය පිණිස කළ යුත්තක් නැතැයි දැන ගනියි.
(දෙවෙනි රූප සූත්‍රය නිමි.)