සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

14. කුක්කුල වර්ගය

13. කුලපුත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, ශ්‍රද්ධාවෙන් පැවිදිවූ කුලපුත්‍රයාගේ ස්වභාවය මෙයවේ. යමෙක් රූපයෙහි දුක අනුව බලමින් වාසය කරන්නේද, වේදනාවෙහි දුක අනුව බලමින් වාසය කරන්නේද, සංඥාවෙහි දුක අනුව බලමින් වාසයකරන්නේද, සංස්කාරයන්හි දුක අනුව බලමින් වාසය කරන්නේද, විඥානයෙහි දුක අනුව බලමින් වාසය කරන්නේද,

“හෙතෙම රූපයෙහි දුක අනුව බලමින් වාසය කරන්නේ, වේදනාවෙහි දුක අනුව බලමින් වාසය කරන්නේ, සංඥාවෙහි දුක අනුව බලමින් වාසය කරන්නේ, සංස්කාරයන්හි දුක අනුව බලමින් වාසය කරන්නේ, විඤ්ඤාණයෙහි දුක අනුව බලමින් වාසය කරන්නේ,

“රූපය දැනගනියි, වේදනාව දැනගනියි, සංඥාව දැනගනියි, සංස්කාරයන් දැනගනියි. විඤ්ඤාණය දැනගනියි.

“හෙතෙම රූපය දැනගන්නේ, වේදනාව දැනගන්නේ, සංඥාව දැනගන්නේ, සංස්කාරයන් දැනගන්නේ, විඤ්ඤාණය දැනගන්නේ.

“රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයෙන් මිදෙයි විඤ්ඤාණයෙන් මිදෙයි. ඉපදීමෙන්, ජරාමරණයෙන්, සෝකයන්ගෙන්, හැඬීම් වලින් දුක්වලින්, දොම්නස් වලින්, වැලපීමෙන් මිදෙයි, දුකින් මිදේ යයිද” කියමි.

(එකොළොස්වෙනි කුලපුත්ත සූත්‍රය නිමි.)