සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

2. අනිත්‍ය වර්ගය

4. යදනිච්ච සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය අනිත්‍යයි. යමක් අනිත්‍යනම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි.” මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. වේදනාව අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකය, යමක් දුකනම් එය අනාත්මය, යමක් අනාත්ම නම් “එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේය. මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.

සඤ්ඤාව අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. සංස්කාර අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුකනම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. විඤ්ඤාණය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුකනම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ රූපයෙහිද කළකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයෙහිද කලකිරෙයි, විඤ්ඤාණයෙහිද කලකිරෙයි, කලකිරීමෙන් නොඇලෙයි, නොඇලීමෙන් මිදෙයි, මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.

(හතරවෙනි යදනිච්ච සූත්‍රය නිමි.)