සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

6. උපාය වර්ගය

9. ආදිත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, රූපය දැවෙන්නේය. වේදනාව දැවෙන්නේය. සංඥාව දැවෙන්නේය. සංස්කාරයෝ දැවෙන්නාහුය. විඤ්ඤාණය දැවෙන්නේය. මහණෙනි, මෙසේ දක්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ වනාහි රූපයෙහි කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. සංඥාවෙහි කලකිරෙයි. සංස්කාරයන්හි කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලුනේ මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ පහළ වෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මේ ආත්මභාවයෙහි කළයුතු අනිකක් නැත්තේයයි දනියි.”

(නවවෙනි ආදිත්ත සූත්‍රය නිමි)