සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

5. උප්පාද සංයුත්තකය

2. රූප සූත්‍රය

(මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)

“මහණෙනි, රූපයේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමවෙයි. ශබ්දයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි. ගන්ධයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක්වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි. රසයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි. ස්ඵර්ශයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි. ධර්මයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි.

“මහණෙනි, රූපයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ශබ්දයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ගන්ධයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. රසයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ස්පර්ශයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. සිතේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.