සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

13. ධ්‍යාන සංයුත්තය

17. සමාපත්තිමූලකසක්කච්චසුත්තං

(1) සමාධියෙහි සමවතට වැදීමෙහි සමත්වෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතු නොකරන්නේ වෙයි. (2) සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතු කරන්නේ වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතු කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතුකරන්නේ වෙයි.