සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
13. ධ්‍යාන සංයුත්තය
7. සමාධිමූලකඅභිනීහාරසුත්තං
(1) සමාධියෙහි අංග දැනීමෙහි සමත් වෙයි, සමාධියට කර්මස්ථානය පැමිණවීමෙහි සමත් නොවෙයි. (2) සමාධියට කර්මස්ථානය පැමිණවීමෙහි සමත් වෙයි. සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි අංග දැනීමෙහිද සමත් නොවෙයි, සමාධියට කර්මස්ථානය පැමිණවීමෙහිද සමත් නොවෙයි. (4) සමාධියෙහි අංග දැනීමෙහිත් සමත් වෙයි. සමාධියට කර්මස්ථානය පැමිණවීමෙහිත් සමත් වෙයි.