සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

14. දෙවදහ වර්‍ගය

3. සගය්හ ගය්හ සූත්‍රය. (1)

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, දෙව් මිනිසුන් රූපයන්හි බැඳුනෝ රූපයෙහි ඇළුනෝ රූපයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් රූපයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුඬවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්.

’’මහණෙනි, දෙව් මිනිසුන් ශබ්දයන්හි බැඳුනෝ ශබ්දයෙහි ඇළුනෝ ශබ්දයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ශබ්දයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුඬවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්.

’’මහණෙනි, දෙව් මිනිසුන් ගන්‍ධයන්හි බැඳුනෝ ගන්‍ධයෙහි ඇළුනෝ ගන්‍ධයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ගන්‍ධයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුඬවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්.

’’මහණෙනි, දෙව් මිනිසුන් රසයන්හි බැඳුනෝ රසයෙහි ඇළුනෝ රසයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් රසයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුඬවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්.

’’මහණෙනි, දෙව් මිනිසුන් ස්පර්‍ශයන්හි බැඳුනෝ ස්පර්‍ශයෙහි ඇළුනෝ ස්පර්‍ශයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ස්පර්‍ශයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුඬවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්.

’’මහණෙනි, දෙව් මිනිසුන් ධර්‍මයන්හි බැඳුනෝ ධර්‍මයෙහි ඇළුනෝ ධර්‍මයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ධර්‍මයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුඬවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්.

’’මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුඬ වූ තථාගතතෙමේ වනාහි රූපයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිසසරණයද තත්වූ පරිද්දෙන් දැන රූපයෙහි නොබැඳී රූපයෙහි නොඇලී රූපයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගත තෙමේ රූපයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුඬවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි.

’’මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුඬවූ තථාගතතෙමේ වනාහි ශබ්දයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිසසරණයද තත්වූ පරිද්දෙන් දැන ශබ්දයෙහි නොබැඳී ශබ්දයෙහි නොඇලී ශබ්දයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම ශබ්දයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුඬවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි.

’’මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුඬවූ තථාගතතෙමේ වනාහි ගන්‍ධයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිසසරණයද තත්වූ පරිද්දෙන් දැන ගන්‍ධයෙහි නොබැඳී ගන්‍ධයෙහි නොඇලී ගන්‍ධයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම ගන්‍ධයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුඬවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි.

’’මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුඬවූ තථාගතතෙමේ වනාහි රසයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිසසරණයද තත්වූ පරිද්දෙන් දැන රසයෙහි නොබැඳී රසයෙහි නොඇලී රසයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම රසයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුඬවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි.

’’මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුඬවූ තථාගතතෙමේ වනාහි ස්පර්‍ශයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිසසරණයද තත්වූ පරිද්දෙන් දැන ස්පර්‍ශයෙහි නොබැඳී ස්පර්‍ශයෙහි නොඇලී ස්පර්‍ශයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම ස්පර්‍ශයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුඬවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි.

’’ධර්‍මයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිසසරණයද තත්වූ පරිද්දෙන් දැන ධර්‍මයෙහි නොබැඳී ධර්‍මයෙහි නොඇලී ධර්‍මයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම ධර්‍මයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුඬවීම හේතුකොටගෙන සුවසේ වාසය කෙරේයයි, (වදාළේය.)

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ශාස්තෲ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මත්තෙහි මේ ගාථා වදාල සේක.

(1) ඉෂ්ටවූද කාන්තවූද මනාපවූද සියළු රූපයෝද ශබ්දයෝද රසයෝද ගන්‍ධයෝද ස්පර්‍ශයෝද ධර්‍මයෝද යම්තාක් ඇතැයි කියනු ලැබේද,

(2) මොව්හු දෙවියන් සහිත ලොකයා විසින් සැප යයි සම්මත කරන ලදහ. මොව්හු යම් තැනෙක්හි නිරුඬවෙත්ද එය ඔවුන්ගේ දුකයයි සම්මතය.

(3) මෙයයි ගැනීමෙන් වැලකීම සැපයයි ආර්‍ය්‍යයන් විසින් දක්නා ලදී. මෙසේ දක්නාවූ නුවණැතියන්ගේ දැකීමට මුළු ලොකය විරුඬය.

(4) අන්‍යයෝ යමක් සැපයයි කියත්ද, ආර්‍ය්‍යයෝ එය දුකයයි කියත්. අන්‍යයෝ යමක් දුකයයි කියත්ද ආර්‍ය්‍යයෝ එය සැපයයි දනිත්.

(5) දැනගැණිමට දුෂ්කරවූ ධර්‍මය බලව. මේ නිවනෙහි අඥානයෝ මුලාවූවාහු වෙත්. කෙළෙසුන්ගෙන් ගැවසීගත්තවුන්ගේ මොහ නමැති අන්ධකාරය වේ. නිර්‍වාණය නොදක්නාවූ බාලයන්ගේ මොහාන්ධකාරය වේ.

(6) නුවණින් දක්නාවූ සත්පුරුෂයන්ටද ආලෝකයක් මෙන් නිවන විවෘත වේ. සමීපයෙහි වූද මෙය මග නොමග දෙක්හි අදක්‍ෂවූවෝ නොදනිත්.

(7) භවරාගයෙන් ඇළුනාවූ භවශ්‍රොතය අනුව ගමන් කරන්නාවූ මරුවාගේ වසඟයට යටත් වූවන් විසින් මේ ධර්‍මය මනාව අවබොධ කළහැක්කේ නොවෙයි. (8) යම් නිවණක් අර්හත් මාර්‍ගඥානයෙන් මනාකොට දැන ආශ්‍රව රහිතවූවාහු පිරිනිවෙත්ද, මේ නිර්‍වාණ පදය ආර්‍ය්‍යයන් හැර කවරෙක් නම් අවබොධ කිරීමට සුදුසුවේදැයි, වදාළේය.