සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

19. ආසිවිස වර්‍ගය

9. වීණා සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකගේ හෝ භික්‍ෂූණියකගේ හෝ සිතට ඇසින් දැක්කයුතු රූපයන් කෙරෙහි ඡන්‍දයක් හෝ රාගයක් හෝ ෙව්ෂයක් හෝ මොහයක් හෝ සිතේ ගැටීමක් හෝ උපදීද, මේ මාර්‍ගය කෙළෙස් සොරුන් නිසා භය සහිතය. වධ බන්‍ධනාදී භය සහිතය. රාගාදී කටු සහිතය. රාගාදියෙන් ගහණය. සුගති ගමනට නොමගය, අපාය ගමනට මගය, දුක් ඉරියව් ඇත්තේය. මේ මාර්‍ගය අසත්පුරුෂයන් විසින් සේවනය කරණ ලදී. මේ මාර්‍ගය සත්පුරුෂයන් විසින් සේවනය නොකරණ ලදී. තොපට නුසුදුසුයයි ඇසින් දතයුතු රූපයන් කෙරෙන් සිත වලක්වන්නේය.

’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකගේ හෝ භික්‍ෂූණියකගේ හෝ සිතට කණින් ඇසියයුතු ශබ්දයන් කෙරෙහි ඡන්‍දයක් හෝ රාගයක් හෝ ෙව්ෂයක් හෝ මොහයක් හෝ සිතේ ගැටීමක් හෝ උපදීද, මේ මාර්‍ගය කෙළෙස් සොරුන් නිසා භය සහිතය. වධ බන්‍ධනාදී භය සහිතය. රාගාදී කටු සහිතය. රාගාදියෙන් ගහණය. සුගති ගමනට නොමගය, අපාය ගමනට මගය, දුක් ඉරියව් ඇත්තේය. මේ මාර්‍ගය අසත්පුරුෂයන් විසින් සේවනය කරණ ලදී. මේ මාර්‍ගය සත්පුරුෂයන් විසින් සේවනය නොකරණ ලදී. තොපට නුසුදුසුයයි කණින් ඇසියයුතු ශබ්දයන් කෙරෙන් සිත වලක්වන්නේය.

’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකගේ හෝ භික්‍ෂූණියකගේ හෝ සිතට නාසයෙන් දතයුතු ගන්‍ධයන් කෙරෙහි ඡන්‍දයක් හෝ රාගයක් හෝ ෙව්ෂයක් හෝ මොහයක් හෝ සිතේ ගැටීමක් හෝ උපදීද, මේ මාර්‍ගය කෙළෙස් සොරුන් නිසා භය සහිතය. වධ බන්‍ධනාදී භය සහිතය. රාගාදී කටු සහිතය. රාගාදියෙන් ගහණය. සුගති ගමනට නොමගය, අපාය ගමනට මගය, දුක් ඉරියව් ඇත්තේය. මේ මාර්‍ගය අසත්පුරුෂයන් විසින් සේවනය කරණ ලදී. මේ මාර්‍ගය සත්පුරුෂයන් විසින් සේවනය නොකරණ ලදී. තොපට නුසුදුසුයයි නාසයෙන් දතයුතු ගන්‍ධයන් කෙරෙන් සිත වලක්වන්නේය.

’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකගේ හෝ භික්‍ෂූණියකගේ හෝ සිතට දිවෙන් දැනියයුතු රසයන් කෙරෙහි ඡන්‍දයක් හෝ රාගයක් හෝ ෙව්ෂයක් හෝ මොහයක් හෝ සිතේ ගැටීමක් හෝ උපදීද, මේ මාර්‍ගය කෙළෙස් සොරුන් නිසා භය සහිතය. වධ බන්‍ධනාදී භය සහිතය. රාගාදී කටු සහිතය. රාගාදියෙන් ගහණය. සුගති ගමනට නොමගය, අපාය ගමනට මගය, දුක් ඉරියව් ඇත්තේය. මේ මාර්‍ගය අසත්පුරුෂයන් විසින් සේවනය කරණ ලදී. මේ මාර්‍ගය සත්පුරුෂයන් විසින් සේවනය නොකරණ ලදී. තොපට නුසුදුසුයයි දිවෙන් දතයුතු රසයන් කෙරෙන් සිත වලක්වන්නේය.

’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකගේ හෝ භික්‍ෂූණියකගේ හෝ සිතට කයෙන් දතයුතු ස්පර්‍ශයන් කෙරෙහි ඡන්‍දයක් හෝ රාගයක් හෝ ෙව්ෂයක් හෝ මොහයක් හෝ සිතේ ගැටීමක් හෝ උපදීද, මේ මාර්‍ගය කෙළෙස් සොරුන් නිසා භය සහිතය. වධ බන්‍ධනාදී භය සහිතය. රාගාදී කටු සහිතය. රාගාදියෙන් ගහණය. සුගති ගමනට නොමගය, අපාය ගමනට මගය, දුක් ඉරියව් ඇත්තේය. මේ මාර්‍ගය අසත්පුරුෂයන් විසින් සේවනය කරණ ලදී. මේ මාර්‍ගය සත්පුරුෂයන් විසින් සේවනය නොකරණ ලදී. තොපට නුසුදුසුයයි කයෙන් දතයුතු ස්පර්‍ශයන් කෙරෙන් සිත වලක්වන්නේය.

’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකගේ හෝ භික්‍ෂූණියකගේ හෝ සිතින් දතයුතු ධර්‍මයන් කෙරෙහි ඡන්‍දයක් හෝ රාගයක් හෝ ෙව්ෂයක් හෝ මොහයක් හෝ සිතේ ගැටීමක් හෝ උපදීද, මේ මාර්‍ගය කෙළෙස් සොරුන් නිසා භය සහිතය. වධ බන්‍ධනාදී භය සහිතය. රාගාදී කටු සහිතය. රාගාදියෙන් ගහණය. සුගති ගමනට නොමගය, අපාය ගමනට මගය, දුක් ඉරියව් ඇත්තේය. මේ මාර්‍ගය අසත්පුරුෂයන් විසින් සේවනය කරණ ලදී. මේ මාර්‍ගය සත්පුරුෂයන් විසින් සේවනය නොකරණ ලදී. තොපට නුසුදුසුයයි සිතින් දතයුතු ධර්‍මයන් කෙරෙන් සිත වලක්වන්නේය.

’’මහණෙනි, වැවුණ පැළ ගොයම් ඇති ගොවිපළක් ඇත්තේය. ගොයම් රකින්නාද ප්‍රමාදවෙයි. ගොයම් කන ගොනෙක්ද වෙයි. ඒ ගොනා කුඹුරට බැස ඇතිතාක් සෑහීමට පැමිණෙන්නේය. මහණෙනි, එසේම අශ්‍රුතවත් පෘථග්ජනතෙම සවැදෑරුම් ස්පර්‍ශායතනයන්හි අසංවරවූයේ පස්කම් ගුණයන්හි ඇතිතාක් සෑහීමට පත්වෙයි. මහණෙනි, පැළ ගොයම් කුඹුරක් වෙයි. අප්‍රමාදවූ ගොවියෙක්ද වෙයි. ගොයම් කන ගොනෙක්ද වෙයි. ගොයම් කන ගොනා ඒ කුඹුරට බසින්නේය. ගොවියා ඒ ගොනා නාස්ලණුවෙන් දැඩිකොට අල්වා ගන්නේය. අල්වාගෙන නාස් ලණුව අංදෙක අතරට ගෙන තදකරන්නේය. තදකොට දණ්ඩක් ගෙන හොඳින් තලන්නේය.

මහණෙනි, තුන්වෙනුවත් ගොයම් කන ගොනා මේ කුඹුරට බසින්නේය. කුඹුර රකින්නා නහයෙන් අල්ලා ගන්නේය. අල්ලාගෙන අංදෙක අතරෙන් තදකරන්නේය. තදකොට දණ්ඩෙන් තලන්නේය, තලා අතහරින්නේය.

’’මහණෙනි, මේ අන්දමින් ගමට වැදුනාවූ හෝ වනයට වැදුනාවූ හෝ ඒ ගොනා ඉඳීම් සිටීම් බහුලවූ පළමු ගසනලද පොලු පහරවල් සිහිකරමින් ඒ කුඹුරට නැවත නොබසින්නේය. මහණෙනි, එසේම යම් කලෙක පටන් භික්‍ෂුවගේ සිත ස්පර්‍ශායතන සයදෙනා කෙරෙහි සෘජු වූයේ වේද මනාව සෘජු වූයේ ඇතුළත සිටියි හිඳියි එක් අරමුණක් ඇතිව සමාධියට පැමිණේ.

’’මහණෙනි, යම්සේ රජෙකු විසින් හෝ රාජමහාමාත්‍යයෙකු විසින් හෝ වීණානක ශබ්දය පෙර නොඅසන ලද්දේවේද, හෙතෙම වීණා ශබ්දය අසන්නේය. ‘පින්වත, මෙසේ සිත ඇදෙන කැමතිවන මත්වන මුසපත්වන බැඳෙන මේ ශබ්දය කවරකුගේද?’ ඔහුට මෙසේ කියන්නාහුය. ‘ස්වාමීනි, මේ සිත ඇදෙන කැමතිවන මත්වන මුසපත්වන බැඳෙන ශබ්දය වීණාවකගේය (යනුවෙනි). හෙතෙම ‘යව මට ඒ වීණාවක් ගෙනෙවයි’ කියන්නේය. ඔහුට ඒ වීණාවක් ගෙනෙන්නාහුය. ඔහුට මෙසේ කියන්නාහුය. ‘ස්වාමීනි, මෙසේ සිත ඇදෙන කැමතිවන මත්වන මුසපත්වන බැඳෙන ශබ්දය යමකගේද, ඒ මේ වීණාවේය.’ හෙතෙම ‘පින්වත, මේ වීණාවෙන් මට කම්නැත. ඒ ශබ්දය ගෙනෙවයි’ කියන්නේය. ‘ස්වාමීනි, මේ වීණාව නම් නොයෙක් උපකරණ වලින් යුක්තතය. මහා උපකරණ වලින් යුක්තතය. නොයෙක් උපකරණ වලින් කරණ ලද්දේ වෙයි. එනම් වීණා ඔරුව නිසාද, සම නිසාද, දණ්ඩ නිසාද, උප වීණාව නිසාද, තත් නිසාද, සතරැස් දණ්ඩ නිසාද, පුරුෂයාගේ ඊට සුදුසු උත්සාහය නිසාද යනුවෙනි. ස්වාමීනි, මෙසේ වීණාව නොයෙක් උපකරණ ඇත්තීය. බොහෝ උපකරණ ඇත්තී නොයෙක් උපකරණ වලින් යුක්තවූ කල නාදකෙරේයයි’ (ශබ්දය නිකුත්වන්නේය) කියන්නාහුය. හෙතෙම ඒ වීණාව දසකඩකොට හෝ සත්කඩ කොට හෝ පලන්නේය. දසකඩකොට හෝ සත්කඩ කොට හෝ පලා කැබලි කරන්නේය. කැබලිකොට ගින්නෙන් දවන්නේය. ගින්නෙන් දවා අළු කරන්නේය. අළුකොට මහා වාතයෙහි පාකර හරින්නේය. සැඩපහරක් ඇති ගඟක හෝ පා කර හරින්නේය. හෙතෙම (ශබ්දය නොදැක) ‘පින්වත, වීණාව නම් ලාමකය, යමක් වීණාව නම් ඒ සියල්ලම ලාමකය, මෙහි මේ ජනතෙමේ බොහෝ වේලා ප්‍රමාදවූයේ හිස් වූයේය.’

’’මහණෙනි, මහණතෙම රූපයාගේ ගති සියල්ල සොයයි.

එසේම වේදනාවගේ ගති සියල්ල සොයයි. සඤ්ඤාවගේ ගති සියල්ල සොයයි.

සංස්කාරයන්ගේ ගති සියල්ල සොයයි. විඤ්ඤාණයාගේ ගති සියල්ල සොයයි.

රූපය මටය කියා හෝ මගේය කියා හෝ මම වෙමි කියා හෝ යම් ගතියක් වේ නම් එය ඔහුට නොවේ.

රූපය සොයන්නාවූ ඔහුට රූපය මටය කියා හෝ මගේය කියා හෝ මම වෙමි කියා හෝ යම් ගතියක් වේ නම් එය ඔහුට නොවේ.

වේදනාව සොයන්නාවූ ඔහුට වේදනාව මටය කියා හෝ මගේය කියා හෝ මම වෙමි කියා හෝ යම් ගතියක් වේ නම් එය ඔහුට නොවේ. , සඤඤාව සොයන ඔහුට සඤඤාව මටය කියා හෝ මගේය කියා හෝ මම වෙමි කියා හෝ යම් ගතියක් වේ නම් එය ඔහුට නොවේ.

’’සංස්කාර සොයන ඔහුට සංස්කාර මටය කියා හෝ මගේය කියා හෝ මම වෙමි කියා හෝ යම් ගතියක් වේ නම් එය ඔහුට නොවේ.

’’විඤඤාණය සොයන ඔහුට විඤ්ඤාණය මටය කියා හෝ මගේය කියා හෝ මම වෙමි කියා හෝ යම් ගතියක් වේ නම් එය ඔහුට නොවේයයි, වදාළේය.