සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

5. අනිච්ච වර්‍ගය

1–9. අනිච්චාදිසුත්තනවකං

අනිච්චධම්ම සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සියල්ල අනිත්‍ය වෙයි. මහණෙනි, කවර නම් සියල්ලක් අනිත්‍යද?

’’මහණෙනි, ඇස අනිත්‍යය. රූපයෝ අනිත්‍යයෝය. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.

’’මහණෙනි, කණ අනිත්‍යය. ශබ්දයෝ අනිත්‍යයෝය. සෝත විඤ්ඤාණය අනිත්‍යය. සෝත සම්ඵස්සය අනිත්‍යය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.

’’මහණෙනි, නාසය අනිත්‍යය. ගන්‍ධයෝ අනිත්‍යයෝය. ඝාණ විඤ්ඤාණය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.

’’මහණෙනි, දිව අනිත්‍යය. රසයෝ අනිත්‍යයහ. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.

’’මහණෙනි, කය අනිත්‍යය. ස්පර්‍ශයෝ අනිත්‍යයෝය. කාය විඤ්ඤාණය අනිත්‍යය. කාය සම්ඵස්සය අනිත්‍යය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.

’’මහණෙනි, සිත අනිත්‍යය. ධර්මයෝ අනිත්‍යයෝය. මනෝ විඤ්ඤාණය අනිත්‍යය. මනෝ සම්ඵස්සය අනිත්‍යය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ’’ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය’’ යි (වදාළ සේක.)

දුක්ඛ ධම්ම සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සියල්ල දුකය. මහණෙනි, කවර නම් සියල්ලක් දුකද?

’’මහණෙනි, ඇස දුකය. රූපයෝ දුකය. චක්ඛු විඤ්ඤාණය දුකය. චක්ඛු සම්ඵස්සය දුකය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

’’මහණෙනි, කණ දුකය. ශබ්දයෝ දුකය. සෝත විඤ්ඤාණය දුකය. සෝත සම්ඵස්සය දුකය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

’’මහණෙනි, නාසය දුකය. ගන්‍ධයෝ දුකය. ඝාණ විඤ්ඤාණය දුකය. ඝාණ සම්ඵස්සය දුකය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

’’මහණෙනි, දිව දුකය. රසයෝ දුකය. ජිව්හා විඤ්ඤාණය දුකය. ජිව්හා සම්ඵස්සය දුකය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

’’මහණෙනි, කය දුකය. ස්පර්‍ශයෝ දුකය. කාය විඤ්ඤාණය දුකය. කාය සම්ඵස්සය දුකය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

’’මහණෙනි, සිත දුකය. ධර්මයෝ දුකය. මනෝ විඤ්ඤාණය දුකය. මනෝ සම්ඵස්සය දුකය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

අනත්ත ධම්ම සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සියල්ල අනාත්මය. මහණෙනි, කවර නම් සියල්ලක් අනාත්මද?

’’මහණෙනි, ඇස අනාත්මය. රූපයෝ අනාත්මය. චක්ඛු විඤ්ඤාණය අනාත්මය. චක්ඛු සම්ඵස්සය අනාත්මය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

’’මහණෙනි, කණ අනාත්මය. ශබ්දයෝ අනාත්මය. සෝත විඤ්ඤාණය අනාත්මය. සෝත සම්ඵස්සය අනාත්මය.සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

’’මහණෙනි, නාසය අනාත්මය. ගන්‍ධයෝ අනාත්මය. ඝාණ විඤ්ඤාණය අනාත්මය. ඝාණ සම්ඵස්සය අනාත්මය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

’’මහණෙනි, දිව අනාත්මය. රසයෝ අනාත්මය. ජිව්හා විඤ්ඤාණය අනාත්මය. ජිව්හා සම්ඵස්සය අනාත්මය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

’’මහණෙනි, කය අනාත්මය. ස්පර්‍ශයෝ අනාත්මය. කාය විඤ්ඤාණය අනාත්මය. කාය සම්ඵස්සය අනාත්මය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

’’මහණෙනි, සිත අනාත්මය. ධර්මයෝ අනාත්මය. මනෝ විඤ්ඤාණය අනාත්මය. මනෝ සම්ඵස්සය අනාත්මය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

අභිඤ්ඤෙය්‍ය සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සියල්ල මනා නුවණින් දත යුතුයි. මහණෙනි, කවර නම් සියල්ලක් මනා නුවණින් දත යුතුද?

’’මහණෙනි, ඇස මනා නුවණින් දත යුතුයි. රූපයෝ මනා නුවණින් දත යුතුයි. චක්ඛු විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. චක්ඛු සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

’’මහණෙනි, කණ මනා නුවණින් දත යුතුයි. ශබ්දයෝ මනා නුවණින් දත යුතුයි. සෝත විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. සෝත සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

’’මහණෙනි, නාසය මනා නුවණින් දත යුතුයි. ගන්‍ධයෝ මනා නුවණින් දත යුතුයි. ඝාණ විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. ඝාණ සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

’’මහණෙනි, දිව මනා නුවණින් දත යුතුයි. රසයෝ මනා නුවණින් දත යුතුයි. ජිව්හා විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. ජිව්හා සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

’’මහණෙනි, කය මනා නුවණින් දත යුතුයි. ස්පර්‍ශයෝ මනා නුවණින් දත යුතුයි. කාය විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. කාය සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

’’මහණෙනි, සිත මනා නුවණින් දත යුතුයි. ධර්මයෝ මනා නුවණින් දත යුතුයි. මනෝ විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. මනෝ සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

පරිඤ්ඤෙය්‍ය සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සියල්ල පිරිසිඳ දත යුතුයි. මහණෙනි, කවර නම් සියල්ලක් පිරිසිඳ දත යුතුද?

’’මහණෙනි, ඇස පිරිසිඳ දත යුතුයි. රූපයෝ පිරිසිඳ දත යුතුයි. චක්ඛු විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. චක්ඛු සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

’’මහණෙනි, කණ පිරිසිඳ දත යුතුයි. ශබ්දයෝ පිරිසිඳ දත යුතුයි. සෝත විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. සෝත සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

’’මහණෙනි, නාසය පිරිසිඳ දත යුතුයි. ගන්‍ධයෝ පිරිසිඳ දත යුතුයි. ඝාණ විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. ඝාණ සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

’’මහණෙනි, දිව පිරිසිඳ දත යුතුයි. රසයෝ පිරිසිඳ දත යුතුයි. ජිව්හා විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. ජිව්හා සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

’’මහණෙනි, කය පිරිසිඳ දත යුතුයි. ස්පර්‍ශයෝ පිරිසිඳ දත යුතුයි. කාය විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. කාය සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

’’මහණෙනි, සිත පිරිසිඳ දත යුතුයි. ධර්මයෝ පිරිසිඳ දත යුතුයි. මනෝ විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. මනෝ සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

පහාතබ්බ සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සියල්ල පහකටයුතුය. මහණෙනි, කවර නම් සියල්ලක් පහකටයුතුද?

’’මහණෙනි, ඇස පහකටයුතුය. රූපයෝ පහකටයුතුය. චක්ඛු විඤ්ඤාණය පහකටයුතුය. චක්ඛු සම්ඵස්සය පහකටයුතුය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

’’මහණෙනි, කණ පහකටයුතුය. ශබ්දයෝ පහකටයුතුය. සෝත විඤ්ඤාණය පහකටයුතුය. සෝත සම්ඵස්සය පහකටයුතුය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

’’මහණෙනි, නාසය පහකටයුතුය. ගන්‍ධයෝ පහකටයුතුය. ඝාණ විඤ්ඤාණය පහකටයුතුය. ඝාණ සම්ඵස්සය පහකටයුතුය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

’’මහණෙනි, දිව පහකටයුතුය. රසයෝ පහකටයුතුය. ජිව්හා විඤ්ඤාණය පහකටයුතුය. ජිව්හා සම්ඵස්සය පහකටයුතුය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

’’මහණෙනි, කය පහකටයුතුය. ස්පර්‍ශයෝ පහකටයුතුය. කාය විඤ්ඤාණය පහකටයුතුය. කාය සම්ඵස්සය පහකටයුතුය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

’’මහණෙනි, සිත පහකටයුතුය. ධර්මයෝ පහකටයුතුය. මනෝ විඤ්ඤාණය පහකටයුතුය. මනෝ සම්ඵස්සය පහකටයුතුය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

සච්ඡිකාතබ්බ සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සියල්ල ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මහණෙනි, කවර නම් සියල්ලක් ප්‍රත්‍යක්‍ෂකටයුතුද?

’’මහණෙනි, ඇස දුකය. රූපයෝ දුකය. චක්ඛු විඤ්ඤාණය දුකය. චක්ඛු සම්ඵස්සය දුකය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

’’මහණෙනි, කණ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ශබ්දයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. සෝත විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. සෝත සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

’’මහණෙනි, නාසය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ගන්‍ධයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ඝාණ විඤ්ඤාණය දුකය. ඝාණ සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

’’මහණෙනි, දිව ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. රසයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ජිව්හා විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ජිව්හා සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

’’මහණෙනි, කය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ස්පර්‍ශයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. කාය විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. කාය සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

’’මහණෙනි, සිත ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ධර්මයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මනෝ විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මනෝ සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍ය සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සියල්ල මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මහණෙනි, කවර නම් සියල්ලක් මනා නුවණින් පිරිසිඳ දතයුතුද?

’’මහණෙනි, ඇස මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. රූපයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. චක්ඛු විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. චක්ඛු සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

’’මහණෙනි, කණ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ශබ්දයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. සෝත විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. සෝත සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

’’මහණෙනි, නාසය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ගන්‍ධයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ඝාණ විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ඝාණ සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

’’මහණෙනි, දිව මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. රසයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ජිව්හා විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ජිව්හා සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

’’මහණෙනි, කය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ස්පර්‍ශයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. කාය විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. කාය සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

’’මහණෙනි, සිත මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ධර්මයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මනෝ විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මනෝ සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

උපද්දුත සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සියල්ල උවදුරට පැමිණෙන ලදී. මහණෙනි, කවර නම් සියල්ලක් උවදුරට පැමිණෙන ලද්දේද?

’’මහණෙනි, ඇස උවදුරට පැමිණෙන ලදී. රූපයෝ උවදුරට පැමිණෙන ලදී. චක්ඛු විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

’’මහණෙනි, කණ උවදුරට පැමිණෙන ලදී. ශබ්දයෝ උවදුරට පැමිණෙන ලදී. සෝත විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

’’මහණෙනි, නාසය උවදුරට පැමිණෙන ලදී. ගන්‍ධයෝ උවදුරට පැමිණෙන ලදී. ඝාණ විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

’’මහණෙනි, දිව උවදුරට පැමිණෙන ලදී. රසයෝ උවදුරට පැමිණෙන ලදී. ජිව්හා විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

’’මහණෙනි, කය උවදුරට පැමිණෙන ලදී. ස්පර්‍ශයෝ උවදුරට පැමිණෙන ලදී. කාය විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

’’මහණෙනි, සිත උවදුරට පැමිණෙන ලදී. ධර්මයෝ උවදුරට පැමිණෙන ලදී. මනෝ විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.