සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
2. වේදනා සංයුත්තය
2. රහොගත වර්‍ගය
5. සන්තක සූත්‍රය. (1)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටිසේක්ද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
’’ස්වාමීනි, වේදනාව කුමක්ද? වේදනාවන්ගේ හේතුව කුමක්ද? වේදනා නිරොධය කුමක්ද? වේදනාවන් නිරොධයට පැමිණෙන මාර්‍ගය කුමක්ද? වේදනාවන්ගේ ආශ්වාදය කුමක්ද? වේදනාවන්ගේ ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද?, කියායි.
’’ආනන්‍දය, සැප වේදනා, දුක් වේදනා, උපෙක්‍ෂා වේදනායි වේදනා තුනකි. ආනන්‍දය, මොවුහු වේදනායයි කියනු ලැබෙත්. ස්පර්‍ශය නිසා වේදනාව උපදී. ස්පර්‍ශය නිරුඬ වීමෙන් වේදනාව නිරුඬ වේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාඬගික මාර්‍ගය වේදනා නිරොධයට පැමිණෙන ප්‍රතිපදාව වෙයි. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්‍මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධියයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවන්ගේ ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද, දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවගේ ආදීනවයයි. වේදනාවගේ යම් ඡන්‍දරාග දුරුකිරීමක්, ඡන්‍දරාග ප්‍රහාණයක් ඇද්ද මේ වේදනාවගේ නිස්සරණයයි.
’’තවද ආනන්‍දය, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ නිරොධයද කියන ලදී. ප්‍රථම ධ්‍යානයට සමවැදුනුහට වචනය නිරුඬවූයේ වේ. විතීයධ්‍යානයට සමවැදුනුහට විතර්‍කවිචාරයෝ නිරුඬවෙත්. තෘතීයධ්‍යානයට සමවැදුනුහට ප්‍රීතිය නිරුඬවූයේ වෙයි. චතුර්ත්‍ථධ්‍යානයට සමවැදුනුහට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුඬවෙත්. ආකාසානඤ්චායතනයට සමවැදුනුහට රූප සංඥාව නිරුඬවෙයි. විඤ්ඤාණඤචායතනයට සමවැදුනුහට ආකාසානඤ්චායතන සංඥාව නිරුඬවෙයි. ආකිඤචඤ්ඤායතනයට සමවැදුනුහට විඤ්ඤානඤ්චායතන සංඥාව නිරුඬවෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනුහට ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුඬවෙයි. සංඥාවෙදයිත නිරොධයට සමවැදුනුහට සංඥාවද වේදනාවද නිරුඬවෙත්. ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවට රාගය නිරුඬවූයේ වෙයි. ද්වේෂය නිරුඬවූයේ වෙයි. මොහය නිරුඬවූයේ වෙයි.,
’’තවද ආනන්‍දය, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ සංසිඳීම කියන ලදී. ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. විතීයධ්‍යානයට සමවන්නහුට විතර්‍කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීයධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්‍ථධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. ආකාසානඤ්චායතනයට සමවැදුනුහට රූප සංඥාව සංසිඳුනේ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනුහට ආකාසානඤ්චායතන සංඥාව සංසිඳුනේවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤානඤ්චායතන සංඥාව සන්සිඳුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සන්සිඳුනේ වෙයි. සංඥාවෙදයිත නිරොධයට සමවන්නහුට සංඥාවද වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මොහය සංසිඳුනේ වෙයි.
’’තවද ආනන්‍දය, මා විසින් පිළිවෙළින් සංස්කාරයන්ගේ සංසිඳීම කියන ලද්දේය. ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට වචන සන්සිඳුනේ වේ. විතීයධ්‍යානයට සමවන්නහුට විතර්‍කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීයධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්‍ථධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූප සංඥාව සංසිඳුනේ වෙයි. විඤ්ඤාණඤචායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥාව සංසිඳුනේවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤානඤ්චායතන සංඥාව සන්සිඳුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සන්සිඳුනේ වෙයි. සංඥාවෙදයිත නිරොධයට සමවන්නහුට සංඥාවද වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මොහය සංසිඳුනේ වේයයි වදාළ සේක.