සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

2. වේදනා සංයුත්තය

2. රහොගත වර්‍ගය

7. අට්ඨක සූත්‍රය. (1)

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයේ වැඩවසන සේක. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළහ.

’’ස්වාමීනි, වේදනාව කවරේද? වේදනාවන්ගේ හේතුව කවරේද? වේදනා නිරොධය කවරේද? වේදනා නිරොධයට පැමිණෙන මාර්‍ගය කවරේද? වේදනාවගේ ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? කියායි.

’’මහණෙනි, සැප වේදනා, දුක් වේදනා, උපෙක්‍ෂා වේදනායි වේදනා තුනකි. මහණෙනි, මොවුහු වේදනායයි කියනු ලැබෙත්. ස්පර්‍ශය නිසා වේදනාව උපදී. ස්පර්‍ශය නිරුඬ වීමෙන් වේදනාව නිරුඬ වේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාඬගික මාර්‍ගය වේදනා නිරොධයට පැමිණෙන ප්‍රතිපදාව වෙයි. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්‍මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධියයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවන්ගේ ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද, දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවගේ ආදීනවයයි. වේදනාවගේ යම් ඡන්‍දරාග දුරුකිරීමක්, ඡන්‍දරාග ප්‍රහාණයක් ඇද්ද මේ වේදනාවගේ නිස්සරණයයි.

’’තවද මහණෙනි, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ නිරොධයද කියන ලදී. ප්‍රථම ධ්‍යානයට සමවැදුනුහට වචනය නිරුඬවූයේ වේ. විතීයධ්‍යානයට සමවැදුනුහට විතර්‍කවිචාරයෝ නිරුඬවෙත්. තෘතීයධ්‍යානයට සමවැදුනුහට ප්‍රීතිය නිරුඬවූයේ වෙයි. චතුර්ත්‍ථධ්‍යානයට සමවැදුනුහට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුඬවෙත්. ආකාසානඤ්චායතනයට සමවැදුනුහට රූප සංඥාව නිරුඬවෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනුහට ආකාසානඤ්චායතන සංඥාව නිරුඬවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුනුහට විඤ්ඤානඤ්චායතන සංඥාව නිරුඬවෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනුහට ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුඬවෙයි. සංඥාවෙදයිත නිරොධයට සමවැදුනුහට සංඥාවද වේදනාවද නිරුඬවෙත්. ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවට රාගය නිරුඬවූයේ වෙයි. ද්වේෂය නිරුඬවූයේ වෙයි. මොහය නිරුඬවූයේ වෙයි.,

’’තවද මහණෙනි, මා විසින් පිළිවෙලින් සංස්කාරයන්ගේ සංසිඳීම කියන ලදී. ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. විතීයධ්‍යානයට සමවන්නහුට විතර්‍කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීයධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්‍ථධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. ආකාසානඤ්චායතනයට සමවැදුනුහට රූප සංඥාව සංසිඳුනේ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනුහට ආකාසානඤ්චායතන සංඥාව සංසිඳුනේවෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤානඤ්චායතන සංඥාව සන්සිඳුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සන්සිඳුනේ වෙයි. සංඥාවෙදයිත නිරොධයට සමවන්නහුට සංඥාවද වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මොහය සංසිඳුනේ වෙයි.

’’මහණෙනි, මේ ඵසසද්ධි සයකි. ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. විතීයධ්‍යානයට සමවන්නහුට විතර්‍කවිචාරයෝ සංසිඳුනාහු වෙත්. තෘතීයධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. චතුර්ත්‍ථධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳුනාහු වෙත්. සංඥා වෙදයිත නිරොධයට පැමිණියහුට සංඥාවද වේදනාවද සංසිඳුනාහු වෙත්. ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවට රාගය සංසිඳුනේ වෙයි. ද්වේෂය සංසිඳුනේ වෙයි. මොහය සංසිඳුනේයයි, වදාළසේක.