සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
3. මිච්ඡත්ත වර්ගය
6. දුතිය අසප්පුරිස සූත්‍රය
“මහණෙනි, තොපට අසත්පුරුෂයාද අසත්පුරුෂයාට වඩා අතිශයින් අසත්පුරුෂයාද දෙශනා කරන්නෙමි. සත්පුරුෂයාද සත්පුරුෂයාට වඩා අතිශයින් සත්පුරුෂයාද දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, අසත්පුරුෂයා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් මිථ්‍යාදෘෂ්ටිය ඇත්තේවේද මිථ්‍යා සංකල්පය ඇත්තේ වේද මිථ්‍යා වචනය ඇත්තේවේද මිථ්‍යා කර්මාන්තය ඇත්තේ වේද මිථ්‍යා ආජීවය ඇත්තේ වේද මිථ්‍යා ව්‍යායාමය ඇත්තේ වේද මිථ්‍යා සතිය ඇත්තේ වේද මිථ්‍යා සමාධිය ඇත්තේ වේද මහණෙනි, මේ තෙම අසත්පුරුෂයා යයි කියනු ලැබේ. මහණෙනි, අසත්පුරුෂයාට වඩා අතිශයින් අසත්පුරුෂයා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් මිථ්‍යා දෘෂ්ටිය ඇත්තේ වේද මිථ්‍යා සංකල්පය ඇත්තේ වේද මිථ්‍යා වචනය ඇත්තේ වේද මිථ්‍යා කර්මාන්තය ඇත්තේවේද මිථ්‍යා ආජීවය ඇත්තේ වේද මිථ්‍යා ව්‍යායාමය ඇත්තේ වේද මිථ්‍යා සතිය ඇත්තේ වේද මිථ්‍යා සමාධිය ඇත්තේවේද මිථ්‍යා ඤාණය ඇත්තේ වේද මිථ්‍යා විමුක්තිය ඇත්තේ වේද මහණෙනි, මේ තෙමේ අසත්පුරුෂයාට වඩා අතිශයින් අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වේද සම්‍යක් සංකල්පය ඇත්තේ වේද සම්‍යක් වචනය ඇත්තේ වේද සම්‍යක් කර්මාන්තය ඇත්තේ වේද සම්‍යක් ආජීවය ඇත්තේ වේද සම්‍යක් ව්‍යායාමය ඇත්තේ වේද සම්‍යක් සතිය ඇත්තේ වේද සම්‍යක් සමාධිය ඇත්තේ වේද මහණෙනි, මේ තෙම සත්පුරුෂයා යයි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂයාට වඩා අතිශය සත්පුරුෂයා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වේද සම්‍යක් සංකල්පය ඇත්තේ වේද සම්‍යක් වචනය ඇත්තේ වේද සම්‍යක් කර්මාන්තය ඇත්තේ වේද සම්‍යක් ආජීවය ඇත්තේ වේද සම්‍යක් ව්‍යායාමය ඇත්තේ වේද සම්‍යක් සතිය ඇත්තේ වේද සම්‍යක් සමාධිය ඇත්තේ වේද සම්‍යක් ඤාණය ඇත්තේ වේද සම්‍යක් විමුක්තිය ඇත්තේ වේද මහණෙනි, මේ තෙමේ සත්පුරුෂයාට වඩා අතිශය සත්පුරුෂයා යයි කියනු ලැබේ.”