සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
3. මිච්ඡත්ත වර්ගය
8. අරිය සමාධි සූත්‍රය
“මහණෙනි, ප්‍රත්‍යය සහිත පිරිවර සහිත ආර්යවූ සම්‍යක් සමාධිය දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ප්‍රත්‍යය සහිත පිරිවර සහිත ආර්ය සමාධිය කුමක්ද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. මහණෙනි, යම්බඳුවූ මේ අංග සතින් යුක්තවූ චිත්තයාගේ එකඟ බවක් පිරිවර සහිත බවක් වේද? මහණෙනි, ආර්ය සමාධිය ප්‍රත්‍යය සහිත යයි කියාද පිරිවර සහිතයයි කියාද කියනු ලැබේ.