සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
3. මිච්ඡත්ත වර්ගය
9. වෙදනා පරිඤ්ඤා සූත්‍රය
“මහණෙනි, මේ වේදනාවෝ තිදෙනෙකි. කවරනම් තිදෙනෙක්දයත්? සුඛ වේදනාය, දුක් වේදනාය, උපෙක්ෂා වේදනාය කියායි. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ වෙදනාවෝයි. මහණෙනි, මේ ත්‍රිවිධ වේදනාවන් පිළිබඳ දැනීම සඳහා ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. ඒ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කුමක්ද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ ත්‍රිවිධ වේදනාවන් පිරිසිඳ දැනීම සඳහා මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.