සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
4. නීවරණ වර්ගය
4. අනුපක්කිලෙස සූත්‍රය
“මහණෙනි කුසල ධර්මයන් ආවරණය නොකරන්නාවූ කුසල ධර්මයන් නොවසන්නාවූ, සිත කිලිටු නොකරන්නාවූ, වඩන ලද්දාවූ, නැවත නැවත පුරුදු කරන ලද්දාවූ, අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නාවූ බොජ්ඣංග ධර්ම සතක් වෙත්. ඒ සත කවරේද යත්?
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ සති සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ විරිය සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ පීති සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ සමාධි සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතියි.
මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, කුසල් ආවරණය නොකරන්නාවූ කුසල් නොවසන්නාවූ මේ බොධ්‍යංග ධර්ම සත අර්හත් මාර්ගඵලයන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්යයි” වදාළසේක.